
එහා ගෙදර පොඩි කොලු පැටියෙක් ඉන්නවා. පණ්ඩිතයි කියන්නෙ ඒකෙ උපරිම. වයස ඕනෙ නම් අවුරුදු තුනක් ඇති වැඩිම උනොත්. කටර් එක වගේ තමා කියවන්න ගියාම. ආදරේ හිතෙන හුරතලයක් තියෙන්නෙ.
පුංචි එකාගෙ අම්මා කොහෙ හරි යද්දි කොලු පැටියව අපේ ගෙදර තමා තියල යන්නෙ.
මේ කියන දවසෙත් පොඩි එකා අපේ ගෙදර තියල ගියේ. මම ටීවී එක දාලා කාටූන් යන චැනල් එකක් දාලා දුන්නා.
එදා ගියේ සින්ඩරෙල්ලා කාටූන් එක. පොඩි එකයි මායි දෙන්නම ටීවි එක දිහා කට ඇරන් බලාගෙන ඉන්නවා.
ඔන්න සින්ඩරෙල්ලාගෙ කුඩම්මා එයාගෙ දුවලට කියනවා උඹලා දෙන්නගෙන් එක්කෙනෙක් කොහොම හරි රජ කුමාරයා කසාද බඳින්න ඕනෙ කියලා. ඒක කුඩම්මා කියන්නෙ අණ දීමක් වගේ සැරෙන්.
මට දැන් ඇස් කොණෙන් පේනවා පුංචි එකා කලබල වෙලා. එක පාරටම අහපි,
"කසාද බැන්දම මොකද වෙන්නෙ. අනේ කියන්නකො කියන්නකො. කසාද බැන්දම මොකද වෙන්නෙ."
කාලා වරෙන්කො. මේ පොඩි එකාට මම කොහොමද තේරුම් කරලා දෙන්නෙ කසාද බැන්දම මොකද වෙන්නෙ කියලා.
අර කුතුහලය පිරිච්ච ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන නවත්තන්නෙ නැතුව එකම ප්‍රශ්නෙ අහනවා.
මම තක්බීර් වෙලා මේකට දෙන්න ඕනෙ උත්තරේ හොයනවා.
එක පාරටම පොඩි එකාටම මතක් වෙලා මෙහෙම කිව්වා අන්තිමට.
"ආ හරි හරි මම දන්නවා. කසාද බැන්දම ෆොටෝ ගහනවා නේද. ආ.. ෆොටෝ ගහනවා..."
හම්මේ... මට දැනිච්ච සැනසිල්ල.
"ඔව් පුතේ.. කසාද බැන්දම ෆොටෝ ගහනවා..."
පුංචි එකාගෙ අම්මා කොහෙ හරි යද්දි කොලු පැටියව අපේ ගෙදර තමා තියල යන්නෙ.
මේ කියන දවසෙත් පොඩි එකා අපේ ගෙදර තියල ගියේ. මම ටීවී එක දාලා කාටූන් යන චැනල් එකක් දාලා දුන්නා.
එදා ගියේ සින්ඩරෙල්ලා කාටූන් එක. පොඩි එකයි මායි දෙන්නම ටීවි එක දිහා කට ඇරන් බලාගෙන ඉන්නවා.
ඔන්න සින්ඩරෙල්ලාගෙ කුඩම්මා එයාගෙ දුවලට කියනවා උඹලා දෙන්නගෙන් එක්කෙනෙක් කොහොම හරි රජ කුමාරයා කසාද බඳින්න ඕනෙ කියලා. ඒක කුඩම්මා කියන්නෙ අණ දීමක් වගේ සැරෙන්.
මට දැන් ඇස් කොණෙන් පේනවා පුංචි එකා කලබල වෙලා. එක පාරටම අහපි,
"කසාද බැන්දම මොකද වෙන්නෙ. අනේ කියන්නකො කියන්නකො. කසාද බැන්දම මොකද වෙන්නෙ."
කාලා වරෙන්කො. මේ පොඩි එකාට මම කොහොමද තේරුම් කරලා දෙන්නෙ කසාද බැන්දම මොකද වෙන්නෙ කියලා.
අර කුතුහලය පිරිච්ච ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන නවත්තන්නෙ නැතුව එකම ප්‍රශ්නෙ අහනවා.
මම තක්බීර් වෙලා මේකට දෙන්න ඕනෙ උත්තරේ හොයනවා.
එක පාරටම පොඩි එකාටම මතක් වෙලා මෙහෙම කිව්වා අන්තිමට.
"ආ හරි හරි මම දන්නවා. කසාද බැන්දම ෆොටෝ ගහනවා නේද. ආ.. ෆොටෝ ගහනවා..."
හම්මේ... මට දැනිච්ච සැනසිල්ල.
"ඔව් පුතේ.. කසාද බැන්දම ෆොටෝ ගහනවා..."
කසාද බැන්ද ම තමයි බබාලා හම්බවෙන්නේ......... කියලා තමයි මම නම් අහලා තියෙන්නේ!
ReplyDeleteඇති යන්තම් කොල්ලාටම උත්තරේ මතක් උන එක ..හෙහේ..
ReplyDeleteඅනේ මන්ද මේ දවස් වල පොඩ් වුන්ටත් මක් වෙලාද කියලා. මේ දවස්වල ඇහැ ගැටෙන්නෙම මෙහෙම පොස්ට්මයි. එකෙක් අහල දූසනේ ගැන තව එකෙක් අම්මගෙ පැම්පස්. අනෙ අම්මප මේ පොඩ් වුන්ට තියන ප්‍රස්න හැබෑට.
ReplyDeleteඇත්තටම පිණිබිඳුවෝ බැන්දම මොකද වෙන්නේ? :D
හරි ලේසි ඇති නේ....
ReplyDeleteපොඩි එකාව නොමග යවලා..
@ ලහිරු - ආ එහෙමද. අඩේ මම දැනන් හිටියෙ නෑනෙ.
ReplyDelete@ නිම්ශා - කියලා වැඩක් නෑ. එහෙම නොවුනානම් මම මාර අමාරුවක වැටෙන්නෙ.
ReplyDelete@ ..ChAnDiKa.. - බැන්දම පොටෝ ගහනවනේ ළමයෝ...
ReplyDelete@ MaRLaN - මම නොමග ඇරියෙ නෑ බොල. ඌ විහින් නොමග ගියා.
ReplyDeleteකියන්න දේවල්නම් අනන්තයි අප්‍රමානයි.. මුකුත් නොකිය ඉන්න ඒක වඩා හෙදි කියල හිතෙනවා... ගහනවනම් තමා..(මම කිව්වේ පොටෝ හොදේ.. වෙන මුකුත් හිතන්න එපා.. ලොල්ය..)
ReplyDeleteකසාද බැන්දම... හෆොයි. වහ කන්න වෙන්නෙ.... මතක් වෙත්දිත් හිරි ගඩු පිපෙනව
ReplyDeleteඅන්න ගයාන් අයියා තමයි නියම උත්තරේ දීලා තියෙන්නේ.... "කසාද බැන්දාම වහ කන්න වෙනවා"
ReplyDeleteඇත්තටම හරිම උත්තරේ දීල තියෙන්නෙ ගයාන් අයිය නේන්නම්... මේ කාලෙ පොඩි උන් ආස්සරේ බොහොම භයානක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන් දෙයක්...
ReplyDelete“කසාද බැන්දම ෆොටෝ ගහනවා...“
ReplyDeleteඇයි යකඩෝ “එයාලට කුමාරි වෙන්න පුළුවන්නෙ“ කියන්න තිබ්බනෙ...
(උත්තර බදින්න ගියානම් තව දිගට ප්‍රශ්න පත්තරයක්ම තියෙන්න තිබ්බා... එකපාරට බයඋන නිසා ඒ ප්‍රශ්න ටිකෙනුත් බේරුනා...) අනේ.. අනේ...
කසාද බැන්දම!!!!!!! ගහක බැන්දම පුතේ හෙල්ලෙනවත් බෑනෙ. ඒත් කසාද බැන්දම හෙල්ලෙන්න පුළුවන්, ඒත් නටන්න බෑ..
ReplyDeleteමම මේ සිරාවටම තමයි අහන්නේ කසාද බැන්දම මොකද වෙන්නේ..
ReplyDelete@ ADK කොලුවා - හික්ස්.
ReplyDelete@ Gayan Rupasinghe - අන්න කසාද ජීවිතයේ අනුවේදනීය තත්වය.
ReplyDelete@ MaRLaN - ඔන්න පුතේ ඕවා පාඩමට ගනින්.
ReplyDeleteඇත්තටම මොකද වෙන්නෙ?බැදලාම බලන්න ඕනේ.
ReplyDeleteහික්.. තව පොඩ්ඩෙන් පොඩි එකාව නරක් කලාය කියලා අම්මගෙන් ගුටි කන්නලු වෙන්නේ එක්කෙනෙක්ට.. :D :D :D
ReplyDelete@ සාතන් - අම්මෝ බොහොම භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුලුවන්.
ReplyDelete@ තනෝජා රාජපක්ෂ - ඇත්තට එහෙම කියන්නත් තිබ්බනෙ. අපරාදෙ.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - නටන්නත් බෑ. නටන්න දෙන්නෙත් නෑ.
ReplyDelete@ ChammA - කසාද බැන්දම ෆොටෝ ගහනවනේ..
ReplyDeleteමම අහලා තියෙන්නේ කසාද බැදලා ටික කාලයකින් ගෑනු කෙනාව ඉස්පිරිතාලේ නැවැත්තුවාම තමයි ලූ බබාලා ලැබෙන්නේ.
ReplyDeleteපිණිනිඳුවාට හීන් දාඩිය දාන්න ඇති නේ. මට මැවි මැවී පේනවා. පිණිබිඳු ඔලුව කහ කහ උත්තරයක් හොයන හැටි. හික්ස්. :)
ඇත්තටම පිණිබිඳු පොඩි එකා ඒ උත්තරේ නොදුන්නානම් ඔයා මොකක්ද දෙන්න හිටපු උත්තරේ?
ReplyDeleteඩියර් ඇනෝ. මම කමෙන්ට් මොඩරේට් වෙන්න දැම්මෙත් ඔයා වගේ අය නිසා තමයි. තව කෙනෙක්ට මඩක් ගහන්න මේක අවස්ථාවක් කරගන්න එපා. ඒකට වෙන තැනක් හොයා ගන්න.
ReplyDeleteපොඩිඑකා පිණිබිඳු...ට එහෙම කිව්වෙ පිණිබිදු ඒක අහල අසභ්‍ය වෙයි කියල හිතපු නිසා...
ReplyDeleteකොහොමද ටිකිරි මොලේ?
හප්පා..... ඔව්වා මොනාද අනේ අපේ පුංචිගේ පුතා ආත්තම්මගෙන් ඔයා චූටි කාලේ අම්මා කොහෙද හිටියේ ඇහුව වගේද???????
ReplyDeleteමම කසාද බැඳලා දැන් අවුරුදු 11ක් ගත වෙලා. කසාද බැන්දම වෙන දේ නම් තාම හිතා ගන්නවත් බෑ. මේ ඒවයින් සමහරක්.
ReplyDelete1) කාලයක් යනකොට බඩ ලොකු වීම (දෙන්නගෙම )
2) බලාගෙන ඉන්නකොට පර්ස් එක හිස් වීම
3) මෙගා ටෙලි නාට්ටි අප්‍රසන්න වීම
4) කඩේකට ගියත් අවසර අරගෙන යන්න වීම
5) බඳින්න කලින් නිදා ගත්තා වගේ දෙපැත්තෙන්ම කොට්ට දෙකක් තියාගෙන නිදාගන්න බැරිවීම
මමත් ඔය කාලෙකට ඉස්සර ලිව්ව පවුල් ජීවිතේ ගැන. ගිහිල්ලම බලන්නකෝ.
@ මධුරංග - කියලා වැඩක් නෑ අයියෝ මම පත් වෙච්ච අපහසුතාව ඩන්නෙ මම විතරයි.
ReplyDeleteබැන්දම ලිහාගන්න බැරි වෙනවනේ.....
ReplyDelete@ ආගන්තුකයා - මම කතාව අමතක වෙන්න වෙන කාටූන් එකකට දානවා.
ReplyDelete@ Anonymous - පොඩි එකාට මට වැඩිය මොලේ තිබිලා එහෙනම්
ReplyDelete@ හා පැටික්කි (MS) - රෝස කැලෙන් ඇහින්ද සීන් එකේ අනිත් එක වගේ.
ReplyDeleteඇති යන්නතං ඔයින් ගියා. නැත්තං පිණිබිඳු අක්කා කියලා දෙන කුනුහරුප වලට පොඩි එකාට එවෙලේම බඳින්න හිතෙනිය... :P
ReplyDeleteඅම්මපා දැන් කාලේ එවුන් මාර එව්ව තමා අහන්නේ....
කසාද බැන්දම වෙන්නෙ සීලිමෙං වැටුන හූනට වෙච්චි දේ . . . . උනේ මොකද්ද . . ඉන්නෙ කොතනද . . . ඔය ඔක්කොම ටික කාලෙකට අමතක වෙලා . . . ඔල්මොරොන්දං වෙනව
ReplyDeleteඔය වයස ඔහොම තමයි දන්න විදියටනන්...ලග ඉන්න එකාට තමයි එපා වෙන්නේ... ඔන්න ඔය කාලෙටනේ අර"ඇයි" උන හැදෙන්නෙත්...හැම එකටම "ඇයි එහෙම වෙන්නේ" කියලා පුංචි ඈයොන්ට මාර ප්‍රශ්නේ...ඔය කාලෙට..
ReplyDeleteඅක්කා මේ ඇනෝ කමෙන්ට් දාන මානසික ලෙඩෙක් ඇවිල්ලා බ්ලොග් අවකාශෙට. ඒකයි ඔය. ගනන ගන්න එපා අක්කේ. කමෙන්ට් මොඩරේට් දැම්ම එක හොදයි.
ReplyDeleteහැබෑට මොකෝ වෙන්නේ
ReplyDeleteමන් හිතන්නේ
කොල්ලෙක් නම් උගේ ජීවිතේ විනාසවීම
කෙල්ලෙක් නම් සිතූ පැතු සැප සම්පත් ලැබීම
වෙනවා කියලා :-D
අපිටත් ඉන්නව ඔයවගේ එකෙක්
ReplyDeleteමමනම් ඌත් එක්ක ප්‍රසිද්ධ ස්ථානවල වැඩිය රැදෙන්නෙ නැහැ
අහන ඒවට නිකම්ම ඇඹරිල යනව
මරු පොඩි එකා..ෆොටෝ ගහන්න ඕන හික්
ReplyDeleteඇහ් කසාද බැන්දාම බබාලා හම්බවෙන්නේ කොහොමද?
ReplyDeleteඔන්න අනිත් පණ්ඩිත කොලු පැටියගෙන් ප්‍රශ්නයක් හි හි
බඳින දවසට මනමාලි සුදු අඳින්නෙයි, මනමාලයා කළු අඳින්නෙයි ඇයි කියලා දන්නව ඇති කියලා හිතනවා.....
ReplyDeleteපොඩි එවුන්ගේ කටවල් නම් අක්කේ කතා කරලා වැඩක් නෑ....
ඇත්තටම බැන්දම මොකද වෙන්නෙ පිණිබිඳු?
ReplyDeleteආ දැං අක්කත් කසාද බැන්ඳම ෆොටෝ ගහයි ගහයි නේ? :D මේ පොඩි එවුන් කියන කරන එව්වා මේ දවස් වල ගොඩක් කියෙව්වා. බලා ගෙන ගියාම් උං මාර භයානකයිනේ :D
ReplyDeleteපිණිබිඳු අක්කා ෆුල් හින්දුස්තාන් වෙලා යන්න ඇති නේද?මැවිලා පේනවා...ඇයි දෙයියනේ මොනවා කියලා කියන්නද? ;)
ReplyDeleteකසාද බැන්දාම ෆොටොත් ගහනවනේ , ඉතින් අව්ලක් නෑ
ReplyDeleteඅම්මෝ..මේ වගේ පොඩි එකෙක්ට පේන්න ෆොටෝ නම් ගන්න හොඳ නෑ..ඇයි මූ ගමම ගිනි තියයි නෙව මේ අයියා ඉස්සෙල්ල අර අක්කිව කසාද බැඳල ඊට පස්සෙ අර අක්කිවත් කසාද බැඳල පස්සෙ මෙන්න මේ අක්කිවත් කසාද බැන්ඳ කියල... :D
ReplyDeleteඇත්තටම කසාද බැන්දම මොකෑ වෙන්නෙ..මටනම් හිතෙන්නෙ කරත්තෙ බැඳගත්ත ගොනාට වෙන හදියම තමා...
පිණි...ඔයාගේ හොදටයි කියන්නේ අර පොඩ්ඩගෙන් පරිස්සම් වෙලා ඉන්න...වැඩිය කතාවට යන්න එපා.....
ReplyDeleteහොඳ වැඩේ... පොඩි එවුන්ට ඔනෙ නැති කාටූන් පෙන්නල නරක් කරන්න හදනවට.... :පී
ReplyDeleteඉස්සර තිබුන නිදහස නැතුව යනවා
ReplyDelete@ දුමී - ඔය තියෙන්නෙ ඉතින් අත්දැකීම් තියෙන කට්ටියගෙ අදහස්. ඔයාලම මෙහෙම කියනවා නම් අපි මොනා කියන්නද ඉතින්. කටුක යථාර්ථයද මන්දා.
ReplyDelete@ රාජ් - ආ ඒකත් ඇත්ත තමා.
ReplyDelete@ prasanna86k - අනේ යනව යනව මාළු... අපි හොඳ ළමයි හරිද.
ReplyDeleteමූ නිකම්ම නිකං පොඩි එකෙක් වුන හින්ද හොඳයි ...
ReplyDeleteකොහොමද අර ඇම්ඩ වගේ එකෙක් වුනානම් ......
@ ඕනයා - ආ ඒක තමා අයියා තාම ඔල්මොරොන්දම් ගතියෙන් ඉන්නෙ නේද. ඒත් මම බැලුව මොකෝ කියලා.
ReplyDelete@ අසනි - කියලා වැඩක් නෑ. හැමදේම ඇයි එහෙම වෙන්නෙ ඇයි අරම වෙන්නෙ. උන්ට හරියන උත්තර දෙන්නත් එපායැ.
ReplyDelete@ මධුරංග - මම මොඩරේට් නොදා හිටියෙ අපි කවුරු උනත් කැමතියිනෙ අපේ කමෙන්ට් එක පාර පබ්ලිශ් වෙලා තියෙනව දකින්න. ඒත් මේ මානසික රෝගීන් එක්ක බෑ. මොකට අපි උන්ව entertain කරනවද.
ReplyDelete@ ම - හෙහ් හෙහ්. අපි නම් දන්නෙ නෑ ඔන්න. ඒක වෙන්න ඇති කියන්නෙ When two people get married, boy looses his bachelor degree and girl gets her masters කියලා.
ReplyDelete@ Malith - පුංචි උන්ගෙ පණ්ඩිතකම් නේද.
ReplyDelete@ රත්ගමයා - රත්ගමයත් බැන්දම පොටෝ ගහන්ඩ ඈ..
ReplyDelete@ කිඩෝ - පොඩි උන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ දෙමව්පියෝ.
ReplyDelete@ පිසාචයා - එන්ඩ එන්ඩම පොඩි උන් නැහැදෙනවද මන්දා.
ReplyDelete@ blog gadol - ඇයි බං පොටෝ ගහනවනේ.
ReplyDelete@ පූසා - අම්මෝ අති භයානකයි. විශේෂයෙන්ම උත්තර නැති ප්‍රශ්න අහනකොට.
ReplyDelete@ මකුළුවා..... - ෆුල් හින්දුස්ථාන්. හික්ස්. අන්න වචනෙ.
ReplyDelete@ බුද්ධික කසුන් - මගුල් ගෙදරක පොඩි එකාට මතක් වෙන දේකට තිබිල තියෙන්නෙ ඔච්චරයි.
ReplyDelete@ ප්‍රසංග - අම්මෝ ඒක නම් ඇත්ත.
ReplyDelete@ රතු මුහුද - අම්මෝ ඒ පොඩි එකා ඉන්න පළාතකවත් ඉන්න හොඳ නෑ.
ReplyDeleteහික් හික්.. අක්කිට කියන්න තිබ්බෙ "මං අවුරුදු 3ක ළමයෙක් තරම් දක්ෂයෙක් නොවෙමි" කියලා
ReplyDelete@ නදුන් උයන - ඔය ඉතින්. සින්ඩරෙල්ලානේ බැලුවෙ. ඌ මනස අපවිත්‍ර කරගත්තට මම මක් කරන්නද ඉතින්.
ReplyDelete@ Gimhani - බැන්දට පස්සෙ ඉස්සර සෙල්ලම් බෑනෙ.
ReplyDeleteමට වෙච්චදේට සමානයි.. සිංහලෙන් ඔය වචනෙට දීල තියෙන තේරුමට වඩා හොඳ තේරුමක් වෙන කිසිම බාසාවකින් විවාහයට දීල නැහැ.. බඳිනවා .. බැන්දම ගහේ නිදහස් ඉවරයි.. හික්..
ReplyDelete@ kumaraya - අම්මෝ ඒක නම් ඇත්ත. මට ගැලවීමක් නෑ එහෙනම්.
ReplyDelete@ යසයා - ආ ඒක කියලා ශේප් වෙන්න තිබ්බා අපරාදෙ.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - අම්මෝ මේ බැඳපු මිනිස්සු ටික බඳින්න ඉන්න අපිවත් බය කරනවනෙ අප්පා. මොනා උනත් කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත නේද.
ReplyDeleteඅනේ අම්මපා දන්න එකෙක් හරියටම කියහල්ලාකෝ ඇත්තටම මොකද වෙන්නේ කියලා..?
ReplyDelete@ මාරයාගේ හෝරාව - ඔන්න මාරයියේ බැඳපු මිනිස්සු කියල තියෙන ඒවා දක්කෙ නැද්ද. එක්කෙනෙක් කියනව වහ කන්න වෙනවලු. තව කෙනෙක් කියනවා උඩකින් වැටිච්ච හූනට වෙච්ච දේ වෙනවලු. අනේ අපි නම් දන්නෙ නෑ. අත්දැකීම් බහුල උදවිය කියන කතානෙ.
ReplyDeleteඒක හරි පිණිබිඳුවෝ මාත් ඉස්සර දැම්මේ නෑ. ඒත් මානසික ලෙඩ්ඩු නිසා කමෙන්ට් මොඩරේට් දැම්මා. මොඩරේට් තිබ්බම අපටමයි කරදරේ. ඒක ලොග් වෙලාම ඇසෙප්ට් කරන්න එපැයි.
ReplyDeleteමටත් තියනවා ප්‍රශ්නයක් පිණිබිඳුගෙන් අහන්ට. කසාද බැදලා කොච්චර කාලෙකින් විතරද ඔය බඩ ලොකු වෙන්ට පටන් ගන්නේ.(අර දුමී කියලා තියෙන්නේ)
ReplyDeleteදන්න කෙනෙක් කියලා දෙන්ටකෝ...:D
කසාද බැන්දට පස්සෙ 'ඉවසීම' කියන ගුණය ඉබේම ප්‍රගුණ වෙනවා. :)
ReplyDeleteබැන්දම ෆොටෝ විතරක් නෙවේලු ගහන්නෙ...
ReplyDeleteකසාද බැඳලම බලමු මොකද වෙන්නේ කියලා .. මොකුත් වෙනසක් වුණොත් නම් මම බ්ලොග් එකේ ලියන්නම් . නැතිනම් ආයේ පාරක් බැඳලම බලන්න වෙනවා
ReplyDelete@ Podi Kumarihami - අනේ පොකූ මම නම් දන්නෙ නෑ. මොකෝ මම තාම බැන්දෙ නෑනෙ. දුමීගෙන්ම තමා අහගන්න වෙන්නෙ.
ReplyDelete@ සුමින්ද - ඒ ගුණය නම් බලෙන් හරි ප්‍රගුණ කරගන්න ඕනෙ. ඒ තරම් වටිනවා ඉවසීම නම්.
ReplyDelete@ හිස් අහස - අපෝ බන් බැන්දා නම් ඒක එක පාරයි හොඳේ. ලෙහාගන්නවා බොරු.
ReplyDeleteකසාද බදින්න පෙර,
ReplyDelete1. පුදුම නිදහසක් තිබුනා, හිතුන හැටියෙ ඕන තැනක ගිහිං අඩියක් පුඩියක් ගහලා, නයිට් එකක් ගහලා හිටියා
2. කිසිම වගකීමක් නැහැ. තමන්ට ඕනනං ගෙදරින් කෑවා නැත්නම් කඩෙන් කැවා. ඕනනං ගෙදර ගියා නැත්නම් පාරෙ හරි නිදා ගත්තා.
3. පඩිය ඕන හැටියට වියදම් කලා, අහන්න කිසි කෙනෙක් හිටියෙ නැහැ.
4. ඒ දවස්වල වයිෆ් කෙල්ල කාලේ එක ෆිල්ම් එකක් ඇරියෙ නැහැ, මුහුදු හුලං වැදුන නැති සති අන්තයක් නැහැ. ඇති වෙන්න ලව් කලා, ගත්ත ෆන් පොතෙත් නැහැ.
කසාද බැන්දායින් පසුව,
1. ෆ්‍රී එකේ තනියම ගමනක් යන්න බැහැ, යන තැනක වයිෆ් ඇතුලු පොඩි එවුන් දෙන්න එල්ලගෙන තමා යන්න ඕන. නයිට් එකක් ගහන්න බැහැ වයිෆ් චුරු චුරු ගානවා ලමයින්ට අමාරුයි නිදා ගන්න ඕන, ගෙදර යන්න ඕන, අඩියක් පුඩියක් හිතේ හැටියට ගහන්න බැහැ ගෙදර යන්න ඕන නිසා සිහිය හොඳට තියා ගන්න ඕන.
2. වගකීම් කෝටියයි. පොඩි එකාව හෙට ඉස්කෝලෙ යවන්න කොහොමද, ඉස්කෝලෙ වැඩ කලාද, ගෙදර කන්න තියනවද, ගෙදරට එලවලු ගෙනියන්න ඕනද, මම නැතුව වයිෆ් තනියෙන් ඉන්නෙ කොහොමද
3. ඔහොම නාස්ති කලොත් කොහොමද ජීවත් වෙන්නෙ, තව දවස් කීයක් තියනවද මේ මාසෙට.
4. දැන් පොඩි උන් පන්ති යවන්න ඕන, ගෙදර වැඩ නිසා ලව් කරන්න වෙලාවක් නැහැ, හරි අමාරුවෙන් තමා දෙන්නා කතා බහ කරන්න වෙලාවක් හොයා ගන්නෙ.
පොඩි එවුන් ආශ්රයෙන් බයානක ප්‍රතිපල අත්විට හැක @පන්සල් හන්දිය ඔයාගේ බ්ලොග් එකේ මේ ටික දාල ප්‍රිය බිරිදට පෙන්නන්නකො එතකොට බැන්දට පස්සේ වෙන දේවල් වලට තව එකක් එකතු වෙයි *මොකද ඔය කම්පියුටරේ ලගට වෙලා කරන්නේ ඔවු ඉතින් මට බැනල කොහේ හරි තැනක ලියනවා ඇති *
ReplyDelete