Pages

Thursday, July 28, 2011

ඕක නම් ටයර් එකක්. නෑ නෑ හෙඩ් ලයිට් එකක්..


සජිත් වැඩකරන්නෙ මෘදුකාංග කොම්පැණියක.

ඒ ආයතනය සාමාන්‍යයෙන් පත්තරේ හරි ඉන්ටෙර්නෙට් එකේ හරි දැන්වීමක් දාලා පුද්ගලයන් රැකියාවලට බඳව ගන්නවට අතරෙම දැනට ඒ ආයතනයේ සේවය කරන අය විසින් නිර්දේශ කරන අයවත් රැකියාවලට බඳව ගන්නවා. ඒකෙන් සමහරවිට බලාපොරොත්තු වෙන්නෙ රැකියාලාභියාගේ කොලිටි එක වගේම විශ්වාසනීයත්වයත් වෙන්න ඇති.

මොනවා උනත් ඒ ආයතනයට වැඩට ගිය කෙනෙක් ගියපු වෙලාවෙ ඉඳලම කරන්නෙ තව කීප දෙනෙක්ව වැඩට ගන්න තමයි.

ඒ රැකියා ස්ථානයේ උන්නතියට කියලද හිතුවෙ. අපෝ නෑ.


ඔහොම තමන් මාර්ගයෙන් තව කෙනෙක්ව වැඩට ගත්තම එයාට ආයතනයෙන් දීමනාවක් ගෙවනවා. ඒක ටිකක් ලොකු ගාණක්. ඉතින් කට්ටිය පොර කාගෙන තම තමන්ගෙ අයව ඇතුලට දාගන්න ට්‍රයි කරන්නෙ.

සජිත් මාර්ගෙනුත් දැනට දෙන්නෙක් විතර ආවා.

ඔය හම්බෙන සල්ලි වලින් එයා නම් ප්‍රධාන වශයෙන්ම කරන්නෙ එයාගෙ පළවෙනි මනමාලිට සලකන එක තමා. පළවෙනි මනමාලි කියලා කිව්වෙ මට කියලද හිතුවෙ. මොන පිස්සුද. ඒ එයාගෙ බයික් එක.

ගියපාර රස්සාවට දාගත්තු කෙනා නිසා හබ්වෙච්ච සල්ලි වලින් ඔන්න අලුතෙන් සයිලන්සර් එකක් දැම්මා.
ඊට කලින් පාර බ්‍රේක් පොම්පෙ දා ගත්තා.

ආයෙත් කවුදෝ CV එකක් එයාට එවලලු. මට CV එක පෙන්නනවා මෙන්න මගෙ අලුත් ටයර් එක කියලා.

එයාලගෙ අනිත් සෙට් එකත් ඔහොමයි. අලුත් කෙනා වැඩට ආපුවාම එයාගෙන් මෙහෙමයි අහන්නෙ.

"මචං උඹ සජිත්ගෙ ටයර් එකද නැත්තම් නිමේෂ්ගෙ හෙඩ් ලයිට් එකද"


69 comments:

  1. හිකිස් නියම ඔෆිස් එකක් නේ

    ReplyDelete
  2. තමන්ගෙ අනාගත ස්වාමියගෙ කාඩ් එක නේද මේ කුඩු කරන්නෙ... කැත නැද්ද?...

    මොනා වුනත් ටික කාලයක් යද්දි කොම්පැණිය බං‍කලොත් කියයිද දන්නෙ නෑ...

    ReplyDelete
  3. මේක තනිකරම බයික් එකත් එක්ක ඊරිසියාව පදනම් කරගෙන ලියපු එකක්...

    ReplyDelete
  4. හෑ....ඔය කොම්පැනියෙ අය කොරන්නෙ වැඩට කට්ටිය බඳවගන්න වැඩේ විතරද...අනේ ඔන්න ඔහේ මාවත් ඔය ටයර් එකකට ගන්නවා කෝ... :D

    ReplyDelete
  5. හික් හික්..මරු කතාව..යාලු
    ඔන්න ඔෆිස්..

    ReplyDelete
  6. අද ටිකක් මල පැනලාද මන්දා.. කොහොම හරි ට්‍රයි කරන්න පලවන මනමාලී වෙන්න..

    ReplyDelete
  7. සාතන් අයිය කියපු එක හරි. ඕක නම් තනිකරම බයික් එකත් එක්ක තියන තරහ. බයික් එකට වැඩිය ආදරේ නිසා ඉරිසියා ඇති.

    ReplyDelete
  8. @ ශානු - ඒ කම්පැණි එක නම් මරු. පඩිත් හොඳයි. වැඩකරන මිනිස්සුත් හොඳයි. රෑ වෙනක් වැඩ කරන්න වෙන එක තමා අවුල.

    ReplyDelete
  9. @ සාතන් - අනාගත සුවාමියා උනත් ඉතින් කොරන වැඩේ ඉතින් මම කිව්වෙ. කම්පැණිය නම් බංකොලොත් වෙයිද දන්නෑ ඇත්තට මුන් වගේ සෙට් එකක් ඇතුලට දාගෙන.

    ReplyDelete
  10. සයිඩ් මිරර් එකක් එපාද දන්නෑ!! හික්ස්!!

    ReplyDelete
  11. සජිත් මේක බලන එකක් නෑ මම් හිතන්නේ ඒකනේ ගෙඩි පිටින් මේ ලියල තියෙන්නෙ වැඩේ ගැන.හෆොයි.... :))

    ReplyDelete
  12. @ සාතන් - බයික් එක ගැන නම් සුලුපටු මලක් නෙමෙයි අපා තියෙන්නෙ නම්. ඔය දාලා තියෙන්නෙ ඒ ජාතියෙ එකක පින්තූරයක් තමා. අපිට කන්ඩ බොන්ඩ දෙනවට වැඩිය වියදම් යනවා ඔය අස්පයා නඩත්තු කරන්න.

    ReplyDelete
  13. අපිටත් බැරිද දන්නේ නැහැ ඔය කම්පැනියට සෙට් වෙන්න..හිකිස්‌

    ReplyDelete
  14. බයික් එක ගත්තු මුල් දවස්වල නම් මමත් ඔහොම පලවෙනි මනමාලි කරගෙන හිටිය.. ඔන්න එතකොට දැක්ක එක්කෙනෙක්.. ඊට පස්සේ බයිසිල්කලේ කලේ බර ඇදිල්ල තමයි..

    ReplyDelete
  15. ඔන්න කොල්ලො....එයා දන්නවා ඔයාට වඩා බයික් එක කොච්චර වැදගත්ද කියලා.
    දෙන්නටම සුබපැතුම්.....

    ReplyDelete
  16. හිකිස් මාව ගන්න බැරිද දන්නේ නැහැ සිග්නල් ලයිට් වලට ලොල්

    ReplyDelete
  17. @ ප්‍රසංග - හා හා CV එකක් එවන්නකො බලන්න ඉතුරු ටයර් එකට ගන්න පුලුවන්ද බලන්න.

    ReplyDelete
  18. @ අසනි - කියලා වැඩක් නෑ මෙහෙමත් ඔෆිස්.

    ReplyDelete
  19. @ Gimhani - එයාට මට කලින්නෙ බයික් එක හම්බුනෙ. ඒ හන්දා බයික් එක තමා හැමදාමත් පළවෙනි මනමාලි.

    ReplyDelete
  20. කුජිතයි...මාව්ත් වැඩට ගන්න කියන්නකෝ

    ReplyDelete
  21. @ Kasun - ඔය බයික් එකට මම හරි...............ආදරෙයි. හික්ස්.

    ReplyDelete
  22. @ Phoenix (ගිනි කුරුල්ලා) - සයිඩ් මිරර් එකට ඔයා ගන්නද.

    ReplyDelete
  23. @ නදී - අපෝ එයා බලනවා.

    ReplyDelete
  24. @ ChammA - ශොක් ඇබ්සෝබර් එකට ඔයාව ගන්නම්.

    ReplyDelete
  25. @ සරත් ලංකාප්‍රිය - අනේ මට නම් ඒ බයික් එකේ යන්න ඕනෙ නෑ. කඟ වේනා පරාදයි. ඔය පින්තූරෙ දාලා තියෙන්නෙ ඒ බයික් එක වගේ එකක් තමා.

    ReplyDelete
  26. @ පිසාචයා - ඒක නම් එහෙම තමා. බයික් එකට විරුද්දව වචනයක් කිව්වොත් බලාගන්න පුලුවන් මූණෙ සයිස් එක.

    ReplyDelete
  27. @ පිස්සු පුසා - සිග්නල් ලයිට් නම් ලඟදි දැම්මනෙ. අපරාදෙ.

    ReplyDelete
  28. @ රත්ගමයා - ඉන්නකො බලන්න කියල. තව මොනාද දන්නෙ නෑ බයික් එකේ අඩුපාඩු.

    ReplyDelete
  29. එහෙනම් සජිත් අයියට කියලා මාත් ඒ කම්පැණි එකට එන්න බලන්න ඕනා. මොකක් උනත් මට රස්සාව අයියට ටයර් එකක් නේ.

    මොකද්ද හැබෑට ඔය කම්පැණි එක. අදම බලන්න ඕනා.

    ReplyDelete
  30. මේ කතාවෙනුත් කමෙන්ට් වලට සපයා ඇති උත්තර වලිනුත් පෙනී යන්නේ මෙය පිණිබිඳු විසින් අර අසරන බයික් එක සමග ඇතිවුනා වූ මහත් ඊරිසියාවකින් යුතුව ලියන ලද්දක් බවය....
    හැබැයි ඒ මනමාලි ඔයාගෙ බරත් ඇදලා ඇති නේද? ඒ නිසා ඔහොම කියන එක පවු නේද?

    ReplyDelete
  31. @ මධුරංග - මධුරංගට අදාල කම්පැණියක් තමා මේකත්. ඔයාට ඕනෙ නම් සජිත්ව මූණු පොතෙන් කන්ටැක් කරගන්න.

    ReplyDelete
  32. @ sansarasidu - ස්තූතියි සහෝ..

    ReplyDelete
  33. @ ආගන්තුකයා - හික්ස්. ඒක නම් එහෙම තමා. ඒ උනාට එයාට හැමදාම සැලකිල්ල වැඩියි මට වඩා.

    ReplyDelete
  34. මමනම් ඔය කොම්පැනිය දන්නවා.. මමත් ලබන සතියේ ඉදන් ඔය කොම්පැනියට තමා යන්න ඉන්නේ. මමනම් ජාලෙන් තමා සෙට් උනේ.. ඒ නිසා කාගේවත් වාහන කෑල්ලක් වෙන්නේ නෑ... හිකි හිකි

    ReplyDelete
  35. හිකිස්... නියම කොම්පැනිය..

    ReplyDelete
  36. හික් හික් . . . . පැහැදිලි ජෙල . . . . . මේ අවංකවම බයික් කාරයෙක් විදියට කියන්නෙ

    ReplyDelete
  37. නැද්ද ඒ කම්පැණි එකේ වේකන්සි එකක් මටත් හොයා ගන්න ....

    ReplyDelete
  38. ඔය කොරියන් බයික් හරියන්නෙ නෑ හැමදාම රෙපෙයාර්, හොන්ඩා එකක් ගමු...

    ReplyDelete
  39. දැන් ඔය කොම්පැනියෙ කවුරු හරි වංචාවක් එහෙම කරල දොට්ට දානකොට එයාගෙ රෙකමන්ඩේෂන් වලට ආපු අනික් ඔක්කොමත් දොට්ට දානවද?

    ReplyDelete
  40. @ ADK කොලුවා - ඒක හොඳයි. ආයෙ මොකෝ වෙන කාගෙවත් වාහන කෑල්ලක් වෙන්නෙ නේද.

    ReplyDelete
  41. හෙහේ..එල කතාව..

    ReplyDelete
  42. @ ප්‍රාර්ථනා - කියලා වැඩක් නෑ.

    ReplyDelete
  43. @ ඕනයා - අයියත් මේ අත්දැකීමන්ද මන්දා කියන්නෙ.

    ReplyDelete
  44. @ පන්සල් හංදිය - ඇති ඇති අයියට වාහනේ මොන කෑල්ලද වෙන්න ඕනෙ.

    ReplyDelete
  45. @ ටී.බී. හේරත් - අනෙ අම්මෝ එයා මාව මාරු කරත් බයික් එක නම් මාරු කරන්නෙ නෑ. ඒක මට හොඳටම විශ්වාසයි. ඒ තරමට බයික් එකට ආදරෙයි.

    ReplyDelete
  46. @ Ravi - අප්පා ඒක නම් කියන්න බෑ. අලේ.... එහෙම උනොත් අපි මහපාරෙ. හයියෝ...

    ReplyDelete
  47. යකෝ මාර ඔෆිස් එකක්නේ. අයි.ටී කරන තැනක්ද නැත්තං වෙහිකල් ඔටෝ පාට්ස් කඩයක්ද?

    ReplyDelete
  48. අක්කේ.... අපිටත් රස්සාවක් ඉල්ලලා දෙන්න බැරිවෙයිද??? හැබැයි අයියට බයික් එක තියෙන කාලෙ ම රස්සාවක් ඉල්ලගන්න පුලුවන් නම් තමයි හොඳ... මොකද කාර් වල කෑලි බෑලි බයික් වල එව්වට වඩා ගනන් නේ.....

    ReplyDelete
  49. හි හි මාත් යනවා ඒ ඔෆීසියට ලොකුවුනාම :P

    ReplyDelete
  50. spare wheel එකකුත් තියා ගන්න කියන්න :P

    ReplyDelete
  51. බයික්කේ ගැන කියද්දී බඩ පපුව හෝස් ගාලා ගියා .. ඇත්තටම අර තියෙන්නේ සජිත් අයියන්ඩිගේ බයික්කේද ?

    මාර කොම්පැනියක් නේ.. අනේ වාසනාවන් .. රෝද හතරකටම කස්ටිය ලැබේවා !!

    ReplyDelete
  52. @ prasanna86k - මම හිතන්නෙ ඒ දෙකම කරනවද කොහෙද එතන.

    ReplyDelete
  53. @ තාරා - ආ ඒකාලෙ වෙද්දි ඒ දීමනාවත් වැඩි කරලා තියෙයි. ඔයා ඇප්ලයි කරන්නකො එතකොට.

    ReplyDelete
  54. @ කිඩෝ - හා හා ලොකු උනාම බැරියැ.

    ReplyDelete
  55. @ Anonymous - නැතුවට කමක් නෑ.

    ReplyDelete
  56. @ හිස් අහස - ඒ බයික් එක වර්ගේ එකක් තමා. ඒත් රතු පාර වෙනුවට සිල්වර් පාට තියෙන්නෙ.

    ReplyDelete
  57. හික්ස්.. ඒකත් නරක නෑ.. :D :D

    ReplyDelete
  58. මගේ පළවෙනි මනාලිය මා ඇය ගත් මුදලෙන් භාගයකට පමණ (75k) මා රට පැමිණි විගස දෙවන මනාලිය විසින් විකුණා දැමූ බව දැනගත්තේ කලක් ගොස්ය. කාත් කවුරුත් නැති ලඳක් මගෙ යාළුවන් බේරා ගැනීමට අපහසු වූ නිසා වික්ක බව කීවාය.
    කොහොමද ටිකිරි මොලේ!

    ReplyDelete
  59. @ පිණිබිඳු,
    සජිත් මලයට කාරණා කාරණා වැටහිල තියෙනව..., වාහනේකට සලකල තිබ්බොත් ඉතින් ඕනෙ වෙලාවක නෑ බෑ, නෑනෙ. ඒ වගේද ඉතිං මිනිස්සු...
    හැබැයි ඉතිං හොනට් එකක් වත් ගමු ;)

    ReplyDelete
  60. මඩක් ගහනව වගේ පෙන්නල යටින් මාකටින් පාරක් නේද දීල තියෙනෙ. මේක කියවල දැං කීදෙනෙක් ටයර්, පෙට්‍රල්, වලට සම්මාදං උනාද කියල කියන එකක් නෑ නේද ?

    ReplyDelete
  61. @ චතුවා (ළමයා) - නරකම නෑ..

    ReplyDelete
  62. @ ඉන්දික උපශාන්ත - ඒක නම් අත්හදා බලන්න තරම් වටින වැඩක්. හික්ස්.

    ReplyDelete
  63. @ ටී.බී. හේරත් - හොනට් එකක් තමා මෙයාගෙ ඊළඟ බලාපොරොත්තුව. අපෝ මට නම් පේන්න බෑ. කණ බීරි වෙලා තියෙයි. ඒ තරම් සද්දෙ. හැබැයි මේක නම් විකුණන එකක් නෑ.

    ReplyDelete
  64. @ nawammawatha - වස ලැජ්ජාවයි. ඒක තේරුණාද. අපේ පවුලේ දියුණුවට අත හිත දෙන්න අදහසක් නැද්ද අයියෙ.

    ReplyDelete
  65. හොනට් ලා........බා...........යි.....
    115 චැසි, 120 චැසි, 130 චැසි, 140 චැසි 150 චැසි, ඕන එකක් ලා........බා.......යි...

    ReplyDelete
  66. මම මෙතනට
    කිසිම
    දෙයක් කියන්නේ නම් නෑ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...