Pages

Tuesday, August 2, 2011

ඇයි ඔයා හිටගෙන කෑ ගහන්නේ....


පුංචි එවුන්ගෙ පණ්ඩිතකම් ගැන මම කලින් පෝස්ට් එකකත් කිව්වනෙ. කසාද බැන්දම මොනාද වෙන්නෙ කියලා අහපු පොඩි එකාගෙ තවත් කතාවක් තමා මේ.

මේ පොඩි එකයි අම්මයි දවසක් මගුල් ගෙදරක ගිහින්.

ඉතින් දැන් කට්ටිය කාලා බීලා පුටුවලට වැටිලා ඉන්නවා. මනාල යුවල නෑදෑයින්ට වැඳලා කියලත් ඉවරයි. ඊට පස්සෙ තමා අර පරම්පරාවෙ පුරාජේරු කියවන වෙලාව. ඒ කියන්නෙ ස්තූති කතා අනං මනං.

හොඳට පදමට වැදිච්ච කෙනෙක්ට ස්තූති කතාව කරන්න දුන්නොත් කොහොමද? කාපු බීපුවා දිරවනකල්ම කියවන එකනෙ වැඩේ.

මේ මගුල් ගෙදරත් එහෙම පදමට වැදිච්ච පණ්ඩිතයෙක්ට තමා ස්තූති කතාව කරන්න දීලා තියෙන්නෙ. දැන් ඉතින් සෑහෙන්න වෙලාවක ඉඳන් අර මනුස්සයා කියවනවා.

අපේ මේ මනාල මහත්මයා මේ තුන් ලෝකෙන්වත් හොයාගන්න බැරි රත්තරන් කඳක්. බ්ලා බ්ලා බ්ලා... ඔහොමනෙ කතාව යන්නෙ.


දැන් පොඩි එකාට මළ. ඇයි කට්ටියම සද්ද නෑ. මැදට වෙලා එක්කෙනෙක් නැගිටගෙන කියවනවා ඉවරයක් නැතුව. පොඩි කොල්ලට දුවලා පැනලා කෑ ගහන්නවත් දෙන්නෙ නෑ අම්මා. මේ මොන කරදරයක්ද. මේක කාටද ඉවසගෙන ඉන්න පුලුවන්.

පොඩි එකා ටිකක් වටපිට බැලුවා. ඇඟේ තියෙන ඔක්කොම හයිය අරගෙන කෑ ගහලා මෙහෙම කිව්වා.


"මොකද ඔයා මැද්දට වෙලා හිටගෙන හයියෙන් කෑගහන්නේ......."

කට්ටියගෙ නිදි මත කොහෙන් ගියාද නෑ. හෝ ගාලා හිනා වෙනවා. පොඩි එකාගෙ අම්මට කරගන්න දෙයක් නෑ. කට වැහුවත් එතකොට කියන්න ඕනෙ ටික කියලා ඉවරයි.

ස්තූති කතාව කර කර හිටපු මනුස්සයත් ඉක්මනට ඒක නැවැත්තුවා කියලා තමා ආරංචිය.

65 comments:

  1. හිකිස් දැන්නම් ඉන්නේ කොල්ලො කෙල්ලෝ නෙමෙයි අම්මලා තාත්තලා

    ReplyDelete
  2. අන්න මිනිස්සු.... :D

    ReplyDelete
  3. හික් හික් මරු පොඩි එකා...රත්තරං වටින කතාවක් නේ..පොරට ස්තූති කතාව කරන්න දුන්නා නම් නියමෙට කරයි ලොල්

    ReplyDelete
  4. මගෙ වෙඩිමෙත් කස්ටිය සෙට් උනා කතා පවත්වන්න . . . . මොකා හරහ උනත් කමක් නෑ කියල මම දුන්නෙ නෑ එකෙකුටවත් කතා පවත්වන්න . . . .

    ReplyDelete
  5. දැන් පොඩි උන්ට තැනට සුදුසු ණුවන තියනවා අෆ්ෆා අපිට වගේ නෙමෙයි :D

    ReplyDelete
  6. හී හී හී...පොඩි එකා නියම වැඩක් නෙ කරලා තියෙන්නේ ලකියෝ....
    එහෙම තමා කරන්න ඕනේ ඔය වගේ වෙලාවට....:)))))))

    ReplyDelete
  7. අනේ යන යන මගුල් ගෙදරට අරගෙන යන්න වටිනවා

    ReplyDelete
  8. සොයියි පොඩ්ඩන් කොල්ලා..අපේ කැම්පස් එක පැත්තේ එක්කන් යන්න බැරි වෙයි ද මන්දා "මොකද ඔයා ස්ටෙජ් එක උඩට වෙලා හිටගෙන හයියෙන් කෑගහන්නේ......."කියලා ලෙක්ස්ර්ස් කෙනෙක් ගෙන් අස්සවන්න... :D :P

    ReplyDelete
  9. අන්න පොඩිඑවුන්..
    රත්තරන් වටින කටක් නේ තියන්නේ..

    ReplyDelete
  10. නියම පොඩ්ඩා..තැනට සුදුසු නුවනනේ ඔය පාවිච්චි කොරලා තියෙන්නේ..කොහොමද ටිකිරි මොලේ.

    ReplyDelete
  11. අන්න නියම වැඩක්.අනිත් අය පොඩි එකාට පින්දෙන්න ඇති කතාව ඉක්මනින් ඉවර කරල දුන්නට :)

    ReplyDelete
  12. සා සා.... ඔය ගුණ වැනුමට තමා මම ආසම.... :D

    ReplyDelete
  13. නියම පොඩ්ඩෙක්.. හික්ස්!!!

    ReplyDelete
  14. හිකිස්... ඇත්තනේ කථාව, කාටද ඉවසන්න පුළුවන් එහෙම කෑගහනකොට,,..

    ReplyDelete
  15. කොහොමද ටිකිරි මොළේ.....

    ReplyDelete
  16. නියම කොල්ලෙක් !!!!
    අපෝ බීපු එවුන් කියවන්න ගියාම නැවතිල්ලක් නෑනේ. ඔහේ පිස්සට හැතැප්ම නෑ වගේ කියෝගෙන යනවා. එහෙම කෙනෙක්ට ස්තුති කතාව දුන්නම කොහොමද කියලා හිතාගන්න පුලුවන්.

    අම්මෝ අද දවසම කරන්ට් තිබ්බේ නෑනේ. යන්තන් රෑ 7ට ආවේ :)

    ReplyDelete
  17. අපේ නෑයෙක් ගැනද මන්ද මේ කියන්නෙ.

    ReplyDelete
  18. අන්න නියම ස්තුති කථාව...කිදෙනෙක් ස්තුති කොරන්න ඇතිද ඒ පොඩ්ඩට හිතින්....

    ReplyDelete
  19. සැබැ අත්දැකිමක් ද මන් ද?

    ReplyDelete
  20. බලන්න ඉතින් අපේ අනාගත පරපුර ගැන අපිට බයවෙන්න දෙයක් නැහැ නේ.. :D

    ReplyDelete
  21. @ ශානු - පොඩි උන්ගෙ පණ්ඩිතකම් නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
  22. @ MaRLaN - ඒකනෙ කියන්නෙ.

    ReplyDelete
  23. @ පිස්සු පුසා - ඌ මොනා කියයිද දන්නෑ එහෙම උනොත්. එහෙම බඩ්ඩ.

    ReplyDelete
  24. @ ඕනයා - අපෝ ඒ කතා අහගෙන ඉන්න පුලුවන් කාටද අප්පා. වංසෙ කබල් ගාන උන්ට නම් හොඳයි.

    ReplyDelete
  25. @ පූසා - ඒක ඇත්ත. තැනේ හැටියට ඇණේ ගහන්න දන්නවා.

    ReplyDelete
  26. @ Nisupa - ඒකනෙ නිසූ. අපේ පොඩි උන්වත් එහෙම තමා පුරුදු කරවන්න ඕනෙ කවද හරි.

    ReplyDelete
  27. @ රත්ගමයා - අපි රත්තගෙ මගුල් ගෙදර මෙයාව එක්කන් එන්න ඉන්නෙ.

    ReplyDelete
  28. @ චතුමිතු - එයාලත් වැඩි හරියක් ඉතින් කියවන්නෙ බයිලනෙ නේද.

    ReplyDelete
  29. @ මි හරක් පිඩියා - ඒකා කට ඇරියොත් නම් විනාසයි අප්පා.

    ReplyDelete
  30. @ අසනි - කියලා වැඩක් නෑ අසනි.

    ReplyDelete
  31. @ නදී - දන්නවනෙ ඉතින් ඔය වගේ කතා පටන් ගත්තම කොච්චර අමාරුද කියලා ඉවර කරන්න.

    ReplyDelete
  32. @ සෝරෝ - සී.... මාත් හලී ආසයි ඒ කතාවට. ඈනුම් ගිහිල්ලම හක්ක පනිනව වෙලාවක.

    ReplyDelete
  33. @ හංසි - රටක් වටින පොඩි එකෙක්.

    ReplyDelete
  34. @ ප්‍රාර්ථනා - ඔව් අප්පා. එපා වෙනවා.

    ReplyDelete
  35. @ දිල් - දාන්න පුලුවන් ඇලේ නේද.

    ReplyDelete
  36. @ මධුරංග - පිස්සට හැතැම්ම නෑ. හික්ස් ඒක නම් මරු කතාව.

    ReplyDelete
  37. @ ඉන්දික උපශාන්ත - අඩේ අයියා ගැනමද මන්දා මේ කතාව.

    ReplyDelete
  38. @ ප්‍රසංග - ඒ වගේ ලස්සන කතාවක් නතර කරල දුන්න එකම කොච්චර පිනක්ද නේද.

    ReplyDelete
  39. @ පිස්සු පුසා - සැබෑ අත්දැකීමක් තමා අපේ එහා ගෙදර පොඩි එකා ගැන.

    ReplyDelete
  40. @ ChammA - අපේ පොඩි උන්ටත් මෙහෙම පුරුදු තමා පුරුදු කරන්න ඕනෙ.

    ReplyDelete
  41. දැන් පොඩි උන් තමා පොඩි උන්..මුන්ගේ කටවල් මැහුවේ මහබබා අවඩි ද කොහෙද...

    ReplyDelete
  42. කියලා වැඩක් නෑ ඒවගේ පොඩිව එකෙක් මම අරං හදාගන්න හිතුවා ..

    ReplyDelete
  43. පොඩි එකාට විතරයි මොලේ තිබිලා තියෙන්නෙ... මටත් එපාවෙන දේ තමයි ඔය මංගල සභාවෙ කතා අහන එක..

    ReplyDelete
  44. @ නිම්ශා - ඒක තමා දැන් පොඩි උන් එක්ක කටගහල බේරෙන්න බෑ.

    ReplyDelete
  45. @ හිස් අහස - අරන් හදාගන්නෙ මොකෝ. බැඳලාම හදාගත්ත නම් ඉවරනෙ.

    ReplyDelete
  46. @ තාරා - කාටද අප්පා ඕවා අහගෙන ඉන්න පුලුවන්

    ReplyDelete
  47. හික්! මම හිතුවෙ පොඩි එකා කෑ ගහන්නේ අශ්ටක කියන කෙනාට කියලා.

    ReplyDelete
  48. හික් හික්!! මරු පොඩි එකා

    ReplyDelete
  49. ෂුවරු එකට අක්කේ ඔය පොඩි එකා සීසර් කරලා එලියට ආපු එකෙක් වෙන්න ඕනේ...

    ReplyDelete
  50. හප්පා මතක් කරන්න එපා ඔය වෙඩිං කතා නම්. මගෙ වෙඩිම දවසෙ නං එකෙක්ට කට හොල්ලන්න දුන්නෙ නෑ. වැරදිලාවත් අපේ පැත්තෙන් එකෙක් කතා කලානම් එදා තමයි මයෙ මඟුල කැඩෙන්නෙ. ඇයි අප්පා මොනවා කියයිද කියල කවුද දන්නේ....

    ReplyDelete
  51. මරු පොඩි එකා...! ඒ කාලේ තිබුණු ස්ථානෝචිත ප්‍රඥාව සමග ගටත් දැනුත් තිබුණ නම්...?

    ReplyDelete
  52. මේක කියවපුවහම මට පොඩි කතාවක් මතක් උනා...,
    ඔන්න දවසක් මනුස්සයෙක්ව උසාවියෙන් වැරදි කාරය කරල රුපියල් දහයක දඩයක් නියම කලා ලු, චෝදනාව තමයි අසභ්‍ය ලෙස බැනවැදීම. ඉතිං දඬුවම නියම කලාට පස්සෙ විත්තිකාරය නඩුකාර තුමාගෙන් ඇහුවලු,
    "ස්වාමීනි කාට බැන්නත් එකම දඬුවමද දෙන්නෙ?" කියල.
    නඩුකාර තුමා කිව්වලු "ඔව් ඔව්, පුද්ගලයගෙ තරාතිරම බලන්නෑ කාට බැන්නත් මේ දඬුවමම පනවනව" කියල.
    ඉතින් විත්තිකාරය මොකද කලේ, "එහෙමද ස්වාමීනි, එහෙනං තොගෙ [බී.......ප්]" කියල නඩුකාර තුමාටත් හොඳවැයෙන් දෙකක් කියල, රුපියල් විස්සක්ම දඩ ගෙව්වලු.

    අවවාදයයි! : මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි. මේ කතාව සම්පූර්ණයෙන්ම මෙහි නිර්මාණ කරුවාගේ පරිකල්පනයක් පමණයි.

    ReplyDelete
  53. අනේ අපේ මගුල් ගෙදර හිටියේ නැහැනේ ඔහොම පොඩි එකෙක් . මටත් ඔය ස්තුති හෑලි පෙන්න බැහැ

    ReplyDelete
  54. @ samadhi - අෂ්ටක කියනව නම් අහන් ඉන්න බැරියැ.

    ReplyDelete
  55. @ blog gadol - පූස් වෙඩින් එක දවසටත් ඕනෙ නම් ගෙනත් දෙන්නම්.

    ReplyDelete
  56. @ prasanna86k - හික්ස්. එහෙම උන්ගෙ අසාමාන්‍ය හැසිරීම් තියෙනවද.

    ReplyDelete
  57. @ nawammawatha - අපරාදෙ එහෙනම් කතා කරවන්න තිබුණෙ කවුරු හරි නවම් අයියගෙ සායම යන්න.

    ReplyDelete
  58. @ චතුරංග පෙරේරා | chathuranga Perera - අපෝ දැන්නම් නැති එකමයි කාරිය. නැත්තන් යන යන තැන ගුටි කන්න තමා වෙන්නෙ. පොඩි කාලෙ නම් පොඩි උන්නෙ කියල අත ඇරල දානවනෙ.

    ReplyDelete
  59. @ ටී.බී. හේරත් - අර එක මිනිහෙක් මැරුවත් මිනිස්සු දහයක් මැරුවත් එකම දඬුවමනෙ කියනව වගේ තමා.

    ReplyDelete
  60. @ Bindi - අපරාදෙ කලින් කිව්ව නම් එක්කන් එන්න තිබ්බා. ඒත් ඔයා බඳින කාලෙ මේ පොඩි එකා ඉපදිලාවත් නැතුව ඇති.

    ReplyDelete
  61. @ මාරයාගේ හෝරාව - අයියගෙ වෙඩිමත් එනව නේ... අපිට එදාට බලගන්න බැරුවයැ පුරාජේරුව.

    ReplyDelete
  62. හෆොයි... පට්ටම නෝන්ඩියනෙ.. =))

    ReplyDelete
  63. @ සීතල අයියා - කියලා වැඩක් නෑ. සීතල අයියාට උණුසුම් පිළිගැනීමක් අපෙන් මේ පැත්තට.

    ReplyDelete
  64. වෙලාවට පොඩි එකා හිටියෙ, නැත්නම් එතන ඉන්න අයට හිටපු තැන්වලම නින්ද යනවා .......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...