Pages

Thursday, February 2, 2012

දකුණෙ විදිහට ඉස්සො හදමුද?


එකම කෑම උනත් පළාතෙන් පළාතට හදන විදිහ වෙනස්. මේ දවස් වල පුන්නි ගෙදර ඇවිත්. මතකනෙ අපේ පුන්නිව. මේ රෙසිපි එක එයාගෙන් අහගත්තු එකක්. අපේ අම්මගෙ, පුන්නිගෙ විතරක් නෙමෙයි අම්මලගෙ හත්මුතු පරම්පරාවෙම උපන් ගම වෙච්චි මාතරටම ආවේණික ක්‍රමේකට ඉස්සො හදමුද?

ඉස්සෙලාම ඉස්සො ටික අරගෙන ඔළු කඩලා දාලා හොඳට හෝදන්න. කීප පාරක්ම හෝදන්න. මොකද ඉස්සගෙ ඔලුවෙ මොනාද තියෙන්නෙ කියල දන්නවනෙ.

මේ ටික භාජනේකට දාගන්න. ඊළඟට සිහින්ව කැපූ රතු ලූණු, කරපිංචා, කැපූ අමු මිරිස්, හීනියට කපාගත් සුදු ලූණු, ඉඟුරු, කුරුඳු, උළුහාල්, ගම්මිරිස් ටිකක්, ලුණු, මිරිස්කුඩු, තුනපහ, කහ සහ ගොරකා කැබැල්ලක් අර ඉස්සො තියෙන භාජනේටම දාන්න.


පොල් ගෙඩියක ප්‍රමාණයේ කිරිත් මෙයටම එක් කරන්න.

දැන් ඒක පැත්තකින් තියලා වෙන හට්ටියක් ලිපේ තියන්න. ඒකට තෙල් චුට්ටක් දාලා, තෙල් ටික රත් වෙද්දි අබ ටිකක් දාන්න. ඊළඟට තලාගත්තු සුදුලූණු ටිකක් සහ කරපිංචා රම්පෙ කෑල්ලක් දාන්න. සුදුලූණු රන්වන් පාට වගේ වෙද්දි, ඉස්සො මිශ්‍රණය ඒකට දාන්න.

දැන් වහන්නෙ නැතුව හොඳට හැඳි ගගා හැදෙන්න දෙන්න. මතක තියාගන්න හට්ටිය වහන්න එපා. ඉස්සො හොඳට තැම්බුණා වගේ පෙනෙද්දි මුරුංගා කොළ ටිකක් එකතු කරගන්න. ඒ ටික එකතු කරපු ගමන් ඉස්සො එක ලිපෙන් බා ගන්න. ලිපෙන් බෑ ගමන් දෙහි බෑයක් හොද්දට මිරිකලා දාලා මිශ්‍ර කරන්න.


දැන් ඉතින් සුවඳ නම් එනවා මදි නොකියන්න. අන්තිමට ඉතින් උණු උණුවෙ බත් එක්ක හරි, පාන් ගෙඩියක් එක්ක හරි, ඉඳි ආප්ප එක්ක හරි දෙසලා දාන එක තමා තියෙන්නෙ.

68 comments:

  1. මේකේයි අනික් ඒවායේයි වෙනස මොකද්ද? මුරුංගා කොල දාන එකද? ඒක හැමෝම කරනවා නේද ඉස්සෝ සැර යන්න කියලා

    ReplyDelete
    Replies
    1. මුරුන්ග කොළ දාන්නෙ නම් උශ්ණෙ අඩු වෙන්න කියල තමා :)

      Delete
    2. @ ම - ලොකු වෙනස් කම් නෑ. වහන්නෙ නැතුව හදන එක. මුරුංගා කොළ දාන එක, දෙහි මිරිකලා දාන එක වගේ වෙනස් කම් ටිකක් තියෙනවා. තව සමහරු අමු ඉස්සො නැතුව තම්බලා පොත්ත අයින් කරලත් ගන්නවා.

      Delete
    3. @ න දී -ඔව් නදී ඒකට තමා මුරුන්ග කොළ

      Delete
  2. හම්මේ කටට කෙලත් ඉනුවා.. මෙහේ ඉස්සෝ ලාබයි නේ.. ඒනිසා මේ සතියෙම හදලා බලන්න ඕන..හැබැයි ඉතින් මුරුංගා කොල තමයි නැත්තේ..

    ඒක නෙමෙයි අක්කෙ ඇයි හට්ටිය වහන්න එපැයි කිවුවේ??

    ReplyDelete
    Replies
    1. රස වැඩියිලු එහෙම හදපුවාම

      Delete
  3. අම්මේහ් හෙටම කන්ට ඕන කෑලෙකින් කෑවෙ නෑ දකුණෙ ඉදලත් :D

    ReplyDelete
  4. අපේ ගෙදර ඉස්සො උයන්නෙත් එහෙම තමයි..මොකද දකුණෙ කියලා කියන්නෙ අක්කෙ? අනිත් පැතිවල උයන්නෙ ඔහොම නෙවෙයිද?

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි වෙනස් කම් තියෙනවලු. මොකෝ මේ ඇනෝ වෙලා

      Delete
  5. හයියෝ කෑම... ඔවා බැළුවා කියලා මොකො හදන්නයෑ.... ඉස්සෙල්ලා සම්බොලයක් එක්ක බතක් උයා ගන්න පුරුදු වෙන්ට ඔ්නේ..

    ReplyDelete
    Replies
    1. හාපෝ.. වහාම උයන්න පුරුදු වෙයන්.

      Delete
  6. මං ආසම කෑමක් බන් ඉස්සො කියන්නෙ..ඒත් උෂ්ණ නිසා වැඩිය කන්නෙ නෑ.මුරුංගා කොල හොය හොය ඉන්නෙ නෑ අපේ අම්මා.... :(

    මේ තව එකක් බං අර ඉස්සගෙ ඔලුවෙ කතාව ඇත්තද.???මට ඒ කාලෙ ඉදලා තිබුන ප්‍රශ්නයක් ඒක...

    ReplyDelete
    Replies
    1. මොකක්ද, කක්කා ද ?

      Delete
    2. යෙස් යෙස් ඒ කතාව ඇත්තලු..

      Delete
  7. අය්යෝ අද අපි ඉස්සො හැදුවානෙ. මේක දැක්කෙ දැන්නෙ. ඉතිං මොකෝ කරන්නෙ. ලබන මාසෙ ඉස්සො ගේනකං මේක දිහා බලබල කෙල ගිලිනවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මාසයක්ම බලන් ඉන්න වෙනව නේ..

      Delete
  8. මේ වගේ ඒව දැක්කම තමයි චණ්ඩි බණ්ඩි මතක් වෙන්නෙ......

    ReplyDelete
  9. Replies
    1. අනේ බං හැමදාම කන එකක්යැ. ඔන්න ඔහෙ කාපන්..

      Delete
  10. අපේ අම්මත් ඉස්සෝ හදන්නේ මුරුංගා කොළ දාලා...

    ReplyDelete
    Replies
    1. හුඟක් තැන් වල එහෙම තමා

      Delete
  11. දකුණෙත් තියෙන කෑම...:)

    ReplyDelete
  12. මේ විධියටම උයනව මීගමුව පැත්තෙත්, මගෙ යාලුවෙක්ගෙ වයිෆ් උයනව දවසක් බලාගෙන හිටිය. රස නං උපරිමයි. ඉස්සො නැතත් හොද්ද කතැකි .

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. පාං එක්ක මරු

      Delete
  13. මුරුංග කොළ හැරුනම මං ඉස්සො හදන්නෙත් මේ විදියටම තමයි.... අපේ අම්ම හැදුවෙත් මේ විදියට.... හරිම රසයි.... අපිත් දකුණෙනෙ...හික්ස්.....

    ReplyDelete
    Replies
    1. වැඩ බැරි උනත් අපිත් දකුනේ හරිය.....

      Delete
  14. අන්තිමටම කියල තියෙන මුරුංග කොළ ටික තමයි ප්‍රශ්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක නැතුව හදන්න. ඉස්සො සැර යන්නයි එහෙම දාන්නෙ. ඒත් ඉතින් හොයාගන්න බැරි නම් ඉස්සො කන්නෙ නැතුව ඉන්නයැ.

      Delete
  15. අයියෝ... ඉස්සොත් කෑමක් ද...... :D

    ReplyDelete
    Replies
    1. නරින්ට මිදි තිත්තයි :D

      Delete
    2. @ සෝරෝ - ඇයි ඒක බීමක්ද :P

      Delete
    3. නවම් අයියත් නරියෙක්ද

      Delete
  16. දන්නවා දන්නවා ඉස්සන්ගේ ඔලුවේ තියෙන්නේ දේශපාලුවන්ගේ ඔලුවේ තියෙන දේවල්නේ ..

    ReplyDelete
    Replies
    1. එයලගේ ඔලුවේ විතරක් නෙවෙයි.. සරුවාන්ගෙම තියෙන්නේ එව්වා තමයි.

      Delete
    2. ඉස්සොත් හෑව් මුරුංග කොලත් හෑව්. දෙන්නම් ජම්බු..

      Delete
    3. @ සරත් ලංකාප්‍රිය -අන්න හරි ඒවා තමා

      Delete
    4. @ ක්සැන්ඩර් | Xander - එහෙනම් හදල බලන්නකො

      Delete
  17. අපිනං ඉතිං ඉස්සො හදන්න නං දන්නෑ.. ඒත් කන්න නං දන්නවා හොඳට.. ඒ මදෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කවුරුහරි හදල දෙන්න ඉන්නව නම් කිසි අවුලක් නෑ කන්න තමා තියෙන්නෙ

      Delete
  18. අපිනම් ඉස්සෝ උයත්දී මුරුංගා කොල ‍තෙලට දමන්නේ මුලින්මයි.

    ReplyDelete
    Replies
    1. එතකොට මුරුංග කොළ කරකුට්ටන් වෙලා යනවනෙ. එක එක පැති වල හදන විදි වෙනස් ඉතින්

      Delete
  19. හහ් . . අපි කයි ඉස්සො

    ReplyDelete
    Replies
    1. අපෙත් යාලුවෙක් ඉන්නවා ඉස්සො කන්නෙ නෑ. එයා ඉස්සොන්ගෙ අඬු දැක්කම බයයිලු.

      Delete
  20. ඉස්සොන්ගේ ඔලුවෙ මොනවද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. උගෙ බහිස්‍රාවී තියෙන්නෙ ඔලුවෙලු

      Delete
  21. හිටින් මම් පාන් රාත්තලක් ගේනකන් !!!

    ReplyDelete
  22. යන්තම් එදා වේල කාල ඉන්න අපේ බඩේ ඉන්න පණුවන්ව අවුස්සන්න කරන වැඩ මෙව්වා..... :(
    තව ටික දවසනෙ, ගෙදර ගිහින්ම දෙන්නම්කො බැටේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් දැම්මට ගෙදර ගිහින් කන තරමක් තමා. මේ බෝඩිං වල මොන ඉස්සොද

      Delete
  23. අපිට මොන මුරුංග කොලද තියන තුනපහ අනම් මනම් ජාති ඔක්කොම එකට දාල ලිපේ තිබ්බ... බාල ගත්ත... බඩ ගින්නෙත් උපරිමේටම ගියහමනේ උයන්න පටන් ගන්නේ...

    දැන් ඉතින් ගෙදර ආවට පස්සේ අම්මටවත් කියන්න ඕනේ ඔය විදිහට උයල දෙන්න කියල....

    ඒක නෙවේ උඹත් දකුණෙද බං.. අපි දන්න යාලුවෙක් ඉන්නව, එයාට මූණ බලල කියන්න පුලුවන් දකුණෙද නැද්ද කියල...

    ReplyDelete
    Replies
    1. මම දකුණෙ නෙමෙයි. අම්මා දකුණෙ. අයියා කවද්ද එන්නෙ ලංකාවට

      Delete
  24. ඌයි මගේ බඩ.......

    හා කියන්න බලන්න ඇයි කියලා ඉස්සන්ට මුරුංගා කොල දාන්නේ....????

    ReplyDelete
  25. ඉඳිආප්ප එක්ක ඉස්සෝ..... ආසා නැතිය... ඒ ඉඳිආප්ප ආසා නැති නිසාය.

    ReplyDelete
    Replies
    1. ඉඳි ආප්ප ආස නැති කෙනෙක් ගැන මේ ඇහුවමයි.

      Delete
  26. haiyo badaginna heduna meka balala

    ReplyDelete
    Replies
    1. එහෙනම් තියෙන්නෙ ඉක්මනට හදාගෙන කන එක

      Delete
  27. අම්මට කියලා මාත් හදාගන්ට ඕනේ අපෙත් අර මරණේ අඉයා කියලා තියනවා වගේ හැමදාම හදන්නේ මුරුංගා කොල දාලා

    ReplyDelete
    Replies
    1. සමහරු හදන විදිහ වෙනස් මීට වඩා

      Delete
  28. රස ඇති නෙ........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...