Pages

Wednesday, February 29, 2012

රෝන්ග් නම්බර්...




"ඔයා මට ඊයෙත් කතා කරනව කියල කතා කරේ නෑනෙ. හරීඊඊඊ නරකයි. මම කොච්චර වෙලා ෆෝන් එක ළඟට වෙලා බලන් හිටියද.."


"කොහෙ කතා කරන්නද? ඔයාලගෙ තාත්තා ආන්සර් කරොත් මම මොනා කියන්නද?"


"අපේ තාත්තට බයයි නේ.. (සමච්චල් සිනා)"


"මම? පිස්සුද? ඔයාට ප්‍රශ්නයක් උනොත් කියලයි බය"


"නෑ එහෙම නෑ. ඔයා හවස ගෙදර ෆෝන් එකට කතා කරන්නකො හොඳේ.."


"ම්ම් බලමුකො. තාත්තා ගත්තොත්?"


"තාත්තා ගත්තොත් ඔයා වැරදි නොම්බරේකට කතා කරා වගේ මොනාහරි කියලා තියන්නකො"


-----------------------------------------------------------


ට්‍රිං ට්‍රිං..........ට්‍රිං ට්‍රිං....


"(තාත්තා - ගැඹුරු කටහඬින්) හෙලෝ.."


"..............."


"(තරහින්) හෙලෝ.. හෙලෝ.."


"(සිහින් කටහඬින්) හෙලෝ.."


"කාටද කතා කරන්න ඕනෙ?"


"ම්ම්.. හෙලෝ.. අ..මේ.. රෝන්ග් නම්බර් එකක්ද.."


"මොකක්? කව්ද ඔය කතා කරන්නෙ?"


"ඌප්ස්."


දඩස්.


-------------------------------------------------------------------

ප.ලි. මේක One | Zero | Zero අඩවියෙත් පළවූ පෝස්ට් එකක්.

46 comments:

  1. හුක් හුක් හුක්... පව් අප්පා...

    ReplyDelete
  2. හම්මෝ පිණිබිඳුවො... සෑහෙන කාලෙකින්(මම මේ පැත්තෙ ආවෙ) :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. සෑහෙන කාලෙකින් දැක්කෙ

      Delete
  3. රෝන්ග් නම්බර් එකක් කියලා කියන්න ඕන කෙනා නෙමෙයිනේ කියලා තියෙන්නේ...

    ReplyDelete
  4. මමනං ඉතිං කසාද බැන්දෙත් නොම්මරයක් වැරදිලා කෝල් එකක් ගිහිංනෙ

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම වෙලා තියෙනවා හැබැයි බැදලා නෑ තාම..

      Delete
    2. නොම්බරේ වැරදුනේ නෝනගේද ? ඕනේ අයියගේ ද ?

      Delete
    3. ඕනෙ අය්යෙ අපි ඒ කතාව දන්නෙ නෑනෙ

      Delete
  5. හෆෝයි... මදැයි කොළා!

    ReplyDelete
  6. වැඩි කාලයක් නෑ නේද 100 යෙ දාල, මං කොමෙන්ට් එහෙකුත් දැම්ම වගේ මතකයි...හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලඟදි තමා ඒකෙත් ගියේ

      Delete
  7. හික්ස්ස් මදැයි පොරත්වය පෙන්නන්න ගියා

    ReplyDelete
    Replies
    1. මාමණ්ඩි ගාව මොන පොරත්වයද

      Delete
  8. මම නං රෝන්ග් නම්බර් එකකට කෝල් එකක් දීල තව පොඩ්ඩෙන් හොඳ කෑමක් කනවා

    ReplyDelete
    Replies
    1. අපිටත් කියමුකො ඒ කතාව

      Delete
  9. හරි හරි ශේප් එකේ කියලා දාන්න මේක අක්කට වෙච්ච දෙයක් කියලා හි හි හි හි

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කතාවක් කියන්න බෑ උබලා චරිත ආදේශ කර ගන්නවනෙ

      Delete
  10. වෙලාවටම තාත්ත අරගෙන....:)))

    ReplyDelete
  11. අපේ ගෙදර කාලයක් මට ෆෝන් එක ගන්න දුන්නෙත් නෑ ඔය රෝන්ග් නම්බර් කේස් එකක් නිසා

    ReplyDelete
    Replies
    1. එහෙමත් මිනිස්සු ඉන්නවනෙ

      Delete
  12. හයියෝ හිනා වෙලා පන යනවා

    ReplyDelete
  13. හි..හි.. මාමණ්ඩිට ඔච්චරම බයද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඔයා වගේම තමා

      Delete
  14. මට නිකං මේක සැක සහිතයි... අක්කට වුන දෙයක්දෝ කියලත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් උඹලත් එක්ක බෑනේ. මෙය කතාවක් පමණක් බව කරුණාවෙන් සලකන්න

      Delete
  15. කෝල් එකෙන්ම කිව්වෑකි ඕක දුන්නේ සජිත් මහත්තයා කියලා !!

    ReplyDelete
    Replies
    1. නෑ බං.. මේක කතාවක් පමණයි

      Delete
  16. හයියෝ... ගම කාලනෙ....
    අත්දැකීමෙන් ලියපු එකක් කියලයි හිතෙන්නෙ.... :D

    ReplyDelete
    Replies
    1. මදැයි මාත් මුන්ට කතාවක් කියන්න ගියා

      Delete
  17. හයියො කාදට දන්නෙ නෑ මෙහෙම උනේ පවූඌඌ

    ReplyDelete
    Replies
    1. වෙලාවට කැම්පස් යන්න තරම් හොඳට පාස් නොවුනේ... :)

      Delete
    2. නදී- කාටවත් වෙච්ච එකක් නෙමෙයි..

      Delete
    3. දඩබ්බරයා - ඇයි එහෙම කිව්වෙ

      Delete
  18. මේ සීන් දරුණුවට තිබ්බේ ඉස්සර නොවැ.. ගෙදර ෆෝන් එකෙන් හොර කෝල් ගන්න නිසා..

    සෑමගේ බ්ලොගට ඇවිත් තිබ්බ නිසා බ්ලොග හොයාගත්තේ.. ජය !

    ReplyDelete
    Replies
    1. එහෙනම් අත්දැකීම් ඇති නෙව

      Delete

Related Posts Plugin for WordPress, Blogger...