![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikX5zuXPJXNbtkLDJ3XKCd74ArsHkOT-hWBIfzjVXNwryyhBKh5NdOHMZLHnlk5f9vNGjRhXkoP1umcRkbDXQE8f3b0rEwNzOW8MdzF8XPSk4qq5s0qFLfNV8BshiIjvVqENbt9HkuO2ru/s320/angry-man-on-phone.jpg)
"ඔයා මට ඊයෙත් කතා කරනව කියල කතා කරේ නෑනෙ. හරීඊඊඊ නරකයි. මම කොච්චර වෙලා ෆෝන් එක ළඟට වෙලා බලන් හිටියද.."
"කොහෙ කතා කරන්නද? ඔයාලගෙ තාත්තා ආන්සර් කරොත් මම මොනා කියන්නද?"
"අපේ තාත්තට බයයි නේ.. (සමච්චල් සිනා)"
"මම? පිස්සුද? ඔයාට ප්‍රශ්නයක් උනොත් කියලයි බය"
"නෑ එහෙම නෑ. ඔයා හවස ගෙදර ෆෝන් එකට කතා කරන්නකො හොඳේ.."
"ම්ම් බලමුකො. තාත්තා ගත්තොත්?"
"තාත්තා ගත්තොත් ඔයා වැරදි නොම්බරේකට කතා කරා වගේ මොනාහරි කියලා තියන්නකො"
-----------------------------------------------------------
ට්‍රිං ට්‍රිං..........ට්‍රිං ට්‍රිං....
"(තාත්තා - ගැඹුරු කටහඬින්) හෙලෝ.."
"..............."
"(තරහින්) හෙලෝ.. හෙලෝ.."
"(සිහින් කටහඬින්) හෙලෝ.."
"කාටද කතා කරන්න ඕනෙ?"
"ම්ම්.. හෙලෝ.. අ..මේ.. රෝන්ග් නම්බර් එකක්ද.."
"මොකක්? කව්ද ඔය කතා කරන්නෙ?"
"ඌප්ස්."
දඩස්.
-------------------------------------------------------------------
ප.ලි. මේක One | Zero | Zero අඩවියෙත් පළවූ පෝස්ට් එකක්.
හුක් හුක් හුක්... පව් අප්පා...
ReplyDeleteකව්ද පව් කොල්ලද?
Deleteහම්මෝ පිණිබිඳුවො... සෑහෙන කාලෙකින්(මම මේ පැත්තෙ ආවෙ) :)
ReplyDeleteඒකනෙ. සෑහෙන කාලෙකින් දැක්කෙ
Deleteරෝන්ග් නම්බර් එකක් කියලා කියන්න ඕන කෙනා නෙමෙයිනේ කියලා තියෙන්නේ...
ReplyDeleteහිතේ බය වැඩි කමටනෙ
Deleteමමනං ඉතිං කසාද බැන්දෙත් නොම්මරයක් වැරදිලා කෝල් එකක් ගිහිංනෙ
ReplyDeleteමටත් ඔහොම වෙලා තියෙනවා හැබැයි බැදලා නෑ තාම..
Deleteනොම්බරේ වැරදුනේ නෝනගේද ? ඕනේ අයියගේ ද ?
Deleteඕනෙ අය්යෙ අපි ඒ කතාව දන්නෙ නෑනෙ
Deleteහෆෝයි... මදැයි කොළා!
ReplyDeleteහික්ස්
Deleteවැඩි කාලයක් නෑ නේද 100 යෙ දාල, මං කොමෙන්ට් එහෙකුත් දැම්ම වගේ මතකයි...හෙහ්..හෙහ්...
ReplyDeleteඔව් ඔව් ලඟදි තමා ඒකෙත් ගියේ
Deleteහික්ස්ස් මදැයි පොරත්වය පෙන්නන්න ගියා
ReplyDeleteමාමණ්ඩි ගාව මොන පොරත්වයද
Deleteහත්තිලවයි..
ReplyDeleteහික්ස්
Deleteකාල වරෙන්කො..
ReplyDeleteපව් නේ
Deleteමම නං රෝන්ග් නම්බර් එකකට කෝල් එකක් දීල තව පොඩ්ඩෙන් හොඳ කෑමක් කනවා
ReplyDeleteඅපිටත් කියමුකො ඒ කතාව
Deleteහරි හරි ශේප් එකේ කියලා දාන්න මේක අක්කට වෙච්ච දෙයක් කියලා හි හි හි හි
ReplyDeleteඔය ඉතින් කතාවක් කියන්න බෑ උබලා චරිත ආදේශ කර ගන්නවනෙ
Deleteවෙලාවටම තාත්ත අරගෙන....:)))
ReplyDeleteඒකටනෙ බයේ හිටියෙ
Deleteඅපේ ගෙදර කාලයක් මට ෆෝන් එක ගන්න දුන්නෙත් නෑ ඔය රෝන්ග් නම්බර් කේස් එකක් නිසා
ReplyDeleteඑහෙමත් මිනිස්සු ඉන්නවනෙ
Deleteහයියෝ හිනා වෙලා පන යනවා
ReplyDeleteහික්ස්
Deleteහි..හි.. මාමණ්ඩිට ඔච්චරම බයද?
ReplyDeleteනැතුව නැතුව ඔයා වගේම තමා
Deleteමට නිකං මේක සැක සහිතයි... අක්කට වුන දෙයක්දෝ කියලත් හිතෙනවා...
ReplyDeleteඔය ඉතින් උඹලත් එක්ක බෑනේ. මෙය කතාවක් පමණක් බව කරුණාවෙන් සලකන්න
Deleteකෝල් එකෙන්ම කිව්වෑකි ඕක දුන්නේ සජිත් මහත්තයා කියලා !!
ReplyDeleteනෑ බං.. මේක කතාවක් පමණයි
Deleteහයියෝ... ගම කාලනෙ....
ReplyDeleteඅත්දැකීමෙන් ලියපු එකක් කියලයි හිතෙන්නෙ.... :D
මදැයි මාත් මුන්ට කතාවක් කියන්න ගියා
Deleteහයියො කාදට දන්නෙ නෑ මෙහෙම උනේ පවූඌඌ
ReplyDeleteවෙලාවට කැම්පස් යන්න තරම් හොඳට පාස් නොවුනේ... :)
Deleteනදී- කාටවත් වෙච්ච එකක් නෙමෙයි..
Deleteදඩබ්බරයා - ඇයි එහෙම කිව්වෙ
Delete:)
ReplyDelete:)
Deleteමේ සීන් දරුණුවට තිබ්බේ ඉස්සර නොවැ.. ගෙදර ෆෝන් එකෙන් හොර කෝල් ගන්න නිසා..
ReplyDeleteසෑමගේ බ්ලොගට ඇවිත් තිබ්බ නිසා බ්ලොග හොයාගත්තේ.. ජය !
එහෙනම් අත්දැකීම් ඇති නෙව
Delete