Pages

Wednesday, May 23, 2012

ප්‍රී වෙඩිං නාඩගං 2 - සුභ නැකත


නැකැත් වැඩ අකැපයි
අපේ ආගමේ හැටියට
කියයි මාමණ්ඩි


නැකැත් යනු සුභ වෙලාවයි
එය අපේ විශ්වාසයයි
කියයි අපෙ අම්මා


කොල්ලා අකුරු කියෙව්වෙ
නැකතක් නැතිව
ඌ බත් කෑවෙත් හිතිච්ච වෙලාවට
එහෙව් අපිට නැකැත් වැඩ බෑ
ආයෙත් මාමණ්ඩි තරහෙන්


නැකැත් චාරිත්‍ර අපේ සිරිතයි
එයින් පිට වැඩ අසුභයි
නැකතක් නැතිව නම්
බෑ කෙල්ල දෙන්නට
තාත්තා කෝපයෙන් ඔරවයි


අපේ කොල්ලා කොහොම හැදුනත්
නැකැත් එක්කයි හැදුනෙ ඒ දුව
ඇයි අනේ අපි එහෙම කරමුකො
එපා දැන් තරහ ගන්නට
නැන්දම්මා සාම සාකච්චාවක


හ්ම් හ්ම් මයෙ මොකෝ එහෙනම්
ඕනෑ එකක් කරමු ඒ හැටියට
මාමණ්ඩි එකඟයි වගේ දැන්


මොන මගුලක්ද ඕයි
යාලු වෙච්ච දවසෙම
පන්නගෙන ගියා නම් ගෙදරට
නෑනෙ මේඅවුලක්
කියයි ඔහු හෙමිහිට


මේ නාටකයේ මට දෙබසක් නැත

47 comments:

  1. ලාබයි.. සරලයි.. වේගවත්..

    (ඔරිගිනල් කමෙන්ට් එක හිතේම තියෙන්න ඇරිය )

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් කමෙන්ට් එක හිතාගන්නට බැරිය

      Delete
  2. හික්ස්... සිරාවටම ආපු ප්‍රශ්න ටිකක්ද බං??

    මොනවා වුනත් ජොලි...:D

    ReplyDelete
    Replies
    1. ජොලි? මම පහුගිය දවසක සජීවීව ඇස් පනාපිට නරඹපු නාට්ටියක් මේ. ඒකෙ ප්‍රධාන චරිතයක් දෙබස් නැතුව ඇක්ට් කරා.

      Delete
    2. බොරු කියන්ට අපා.. අදාළ පුද්ගලයින්ගෙන් අහලා බලනවා..

      Delete
    3. අහලා බලන්නකො තව විස්තරත් එක්කම අහගන්න පුලුවන් වෙයි

      Delete
  3. ඒ කියන්නෙ වෙඩිම ලඟයි ඇ

    ReplyDelete
  4. //මොන මගුලක්ද ඕයි
    යාලු වෙච්ච දවසෙම
    පන්නගෙන ගියා නම් ගෙදරට
    නෑනෙ මේඅවුලක්
    කියයි ඔහු හෙමිහිට //

    අනේ සජිත ඔය බඳිනවවමයිනෙ ඒකයි එහෙම හිතෙන්නෙ. හෙහ් හෙහ් :D :D

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ඇති උන් මෙහෙම කියද්දි බඳින්නත් බයයි අප්පා.

      Delete
  5. ඇත්තටම වෙච්චි දෙයක්ද මන්දා?

    ReplyDelete
  6. කට්ටිය වැඩ වගේ! :D
    මොන නැකත්ද බං අක්කේ! ඔන්න පැනලා පල! :D

    ReplyDelete
    Replies
    1. එහෙම කරානම් ලාබයි වගේ

      Delete
  7. ඒ කියනේ අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න තව ටික දවසක් ඉන්න වෙයි නේ.. :)

    ReplyDelete
  8. ඕන ඔට්ටුවක් දානව, මේක ලියපු එකාගෙ අත්දැකීමක්. ඇත්තටම සිද්දිය වෙන්නෙ ඔහොමම තමා :-D

    ReplyDelete
  9. නැකත = හොදම වේලාව = හොදම වේලාව වැඩේ කරන්න හිතෙන වෙලාව තමා..

    නැකත් මට ඇකැපය.. ජය

    ReplyDelete
    Replies
    1. //නැකත = හොදම වේලාව = හොදම වේලාව වැඩේ කරන්න හිතෙන වෙලාව තමා..//

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      ~~~**Daga Malla**~~~

      Delete
    2. සෑමා, එකඟයි මාත්

      Delete
  10. මේ මනමාලි කට පියන් හිටිය ....D . ඔය පටන් ගත්ත විතරයි . ජීවිතේට එක පාරනේ නගේ. ඕකත් නටලම බලන්න . නැකත් කිව්වම මට මතක් වුනේ . අපේ ලඟම නංගියෙක්ගේ මගුලට මනමාලයාගේ මාමා කෙනෙක්මයි නැකත් හදල තිබුනේ . මනමාලයට ගෙදරින් පිටත් වෙන්න මහා දවල් නැකතක් . මගුල් ගෙදර කෑම දෙන්න වෙන්නේ රැට. පස්සේ ඔයිටත් වඩා නාඩගමක් නටල වෙලාව වෙනස් කෙරෙව්වේ .

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ නැකතක් වෙනස් කරා කියලා ලෝකෙ විනාසෙ වෙනවද. පස්සෙත් හොඳ නාඩගම් උනා අක්කා

      Delete
  11. සාමාන්‍යයෙන් ඔය කාලෙට වෙන දේවලට බොහොමයක් මනමාලියන්ට දෙබස් නෑ තමා... හික්ස්... ඒ උනාට පව් අනේ ඔයා....

    ReplyDelete
  12. යාලුවෙච්ච දවසෙම පැනල ගියා නං කොයින්ද මෙච්චර ආතල් එකක්. නියමයි.

    ReplyDelete
    Replies
    1. මෙච්චර නාඩගමක් නොමිලේ බලාගන්න වෙන්නෙ නෑනෙ එහෙනම්

      Delete
  13. අයියෝ..... අක්කටත් තිබ්බේ මැද ට පැනලා මොකක් හරි දෙබසක් දාන්න.........

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. මම කට ඇරියා නම් ඔක්කොම ඉවරයි එතනින්ම.

      Delete
  14. හුරේ... මාත් එනවා වෙඩිමට....

    ReplyDelete
    Replies
    1. වරෙන්කො. කෑෂ් ඔන්ලි ඈ.. තෑගි එපා..

      Delete
  15. ඕක ඔය හැටි ප්‍රශ්නයක්යැ පිණිබිඳු.....
    ආර්ථිකේ යහපත් නම් ඔය දෙපැත්තෙම දේවල් කරන්න ලේසියි... මගේ කසින් අක්කා කෙනෙක් එයාගේ වෙඩින් එක ගත්තේ මෙහෙම.
    අක්කා නුවර හෝටලේක පෝරුව සෙරමනි එක ගත්තා උදේ දහයට විතර. දවල්ට කෑමත් හොටෙල් එකෙන් ගත්තා. අරහේ මිනිස්සු කෑම හෙම කන අස්සේ අක්කලයි අපියි තව කාර් කිහිපයක් සෙට් කරන් හවස වෙන්නප්පුවේ පල්ලියේ තිබ්බ මංගල පූජාවට ආවා. ආපහු අළුත්ම වෙඩිමක් වගේ. කොටින්ම උදේ සාරියක් ඇඳපු අක්කා හවස ඇන්දේ ගවුමක්. රෑට වෙඩින් පාටි එක ඉවර වෙලා අපි සෙට් එකම නුවර එලි ගියා.
    දවස් තුනකට පස්සේ ඇවිත් ආපහු අයියලගේ ගෙදර හෝම් කමින් පාටි එකක් ගත්තා. මතක විදියට අපි ලංකාවට එන්න කලින් අක්කල රෙජිස්ට්‍රේසන් කියලා වෙනම මොකක්ද එකකුත් සමරලා තිබ්බා.
    එතකොට අක්කයි අයියයි ජීවත් වුනේ මෙහේ හින්දා මාසෙකින් විතර පස්සේ මෙහෙට ඇවිත් ආපහු වෙඩින් පාටි එකක් දෙන්න උනා. කොහොම හරි ඔය හැම පාටි එකටම ගිහින් අන්තිමට අපිටත් අක්කා වෙඩින් එපා කෙරෙව්වා....
    ඔන්න අම්මලා තාත්තලා ඔක්කොම සතුටු කරන්න අපේ අක්කලා ගත්ත වෙඩිම....

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ. අපේ නම් පල්ලිය පෝරුව දෙකම ගන්නවා. ඒත් දෙකම එක දවසෙ එකම පළාතෙ ගන්නෙ. ඒත් අවුල් අප්පා ඒකටත්.

      Delete
  16. මම මේ බ්ලොග් එකේ කමෙන්ට් දාන පලවෙනි වතාව. මේ කවිය දැක්කම මට මතක් උනේ මගෙයි බඹර කුමාරයගෙයි වෙඩිම. අපේ ගෙදරින් ඔන්න ඔහෙ ඔය කියන වෙලාවකට අපි ඔක කරමු කියපුනිසත් බඹර කුමාරයගෙ අම්මල අපිට පහසු වෙලාවට නැකැත් හදවල දුන් නිසත් ඔය නැකැත් අවුල ගොඩින් බේරුනා. ආ මග කෙටියි යායුතු මඟ දුරයි... මම මේ අත් දැකීමෙන් ඕන් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ හරියට ජීවත් වෙන එකනෙ වෙන්න ඕනෙ. ඔක්කොම අවුල් කරන්න හදනකොට නම් එපා වෙනවා

      Delete
  17. නැකත් අවුල් කරන්නෙම හරි ප්‍රස්න.. සමහරු ඔය අවුල නිසාම නැකත් ඇති හා නැකත් නැති කියලා වෙඩින් 2ක්ම කරනවා...;)

    ReplyDelete
  18. නැකත් අවුල් කරන්නෙම හරි ප්‍රස්න.. සමහරු ඔය අවුල නිසාම නැකත් ඇති හා නැකත් නැති කියලා වෙඩින් 2ක්ම කරනවා...

    ReplyDelete
  19. මගේ යාලුවෙක්ගේ ගර්ල්ව යාලුවට අතාරින්න උනා ඔය නැකැත් ප්‍රශ්නයක් නිසා....

    ReplyDelete
    Replies
    1. අපේ නම් ඒ තරමට විරුද්ද උනේ නෑ. නැති ප්‍රශ්නයි දැන් එන්නෙ.

      Delete
  20. මේක තමන්ගේ කතාවද ?
    පැනලා ගියා නම් වෙඩිමට යන වියදමත් ඉතුරු වෙනවා. ඒකෙන් ගෙයක් හොදර් උනත් හදාගත්තෑකි. ඇයි වදේ අස්ප ගනන් නේ යන්නේ වෙඩිම් වලට.

    ReplyDelete
    Replies
    1. යන වියදම් දැක්කම පිස්සු හැදෙනවා

      Delete
  21. ඔයාටත් මොකක් හරි කියන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්න එක වඩා හොඳයි

      Delete
  22. ----මේ නාටකයේ මට දෙබසක් නැත---
    අත්දැකීම්නම් නැත..නමුත් මෙවැනි කතන්දර අසා තිබේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...