Pages

Monday, May 21, 2012

අවුරුදු දෙකක් තිස්සේ එකසිය පනහක් පුරාවට

මා අතින් සිතුවිලි අකුරු කරන්නට පටන් ගත්තේ කවදා දැයි නොදනිමි. දන්නා කාලෙක පටන් හිතේ නැගෙනා සිතුවිලි කවි ලෙසින් අරහෙ මෙහෙ කුරුටු ගෑවෙමි. උසස් පෙළ කරනා කාලයේ මගේ පමණක් නොව යෙහෙලියන්ගේද ටියුට් පිටුපස පණ යන්නට කවි ලියුවෙමි. උන් 'එපා යකෝ' කියද්දීත් 'මෙහෙ දීපන්කො කවියක් ලියලා දෙන්න'යැයි කියමින් මම උන්ගේ ටියුට් වනසමි.

තැන් තැන් වල කුරුටු ගෑ කවි එක තැනකට එක් කොට ලියා තැබිය යුතු යැයි යන අදහස මසිතේ තිබුණේ කලෙක පටන්ය. කම්මැලිකම සහ කවි ලියා දුන් එවුන් විභාගය ලියා ටියුට් ටික බෝතල් පත්තර කාරයන්ට විකිණීම යන හේතු නිසා ඒ අදහස පල දැරීමට පමා විය.

බ්ලොග්කරණයේ අදහස මසිතේ මුලින්ම රෝපණය වූයේ සජිත් නිසාය. ඔහු විසින්ම මා හට සාදා දුන් බ්ලොග් අඩවියේ මා මුලින්ම පළ කළේ මා ළඟ ඒ වන තෙක් ඉතිරිව පැවති කවි සිතුවිලිය. පසුව ඒ අතරට අතීත මතක, රස කතා, අත්දැකීම් ආදියද ලියවෙන්නට විය. කොමෙන්ටු එක දෙක වැටෙද්දී ෆලෝවර්ස්ලා එක දෙක වැඩිවෙද්දී තව තව ලියන්නට සිත තුළද පෙලඹවීම වැඩි විය.


බ්ලොග් අවකාශය වෙනම සමාජයකි. එම සමාජයේ අප එකිනෙකාට ඇති අනන්‍යතාවය මේ අකුරු මත ගොඩ නැගේ. පසුව අප හමුවී දැන හඳුනා ගත්තද ඔබ මා මුලින්ම බැඳුනේ මේ අකුරු හරහාය. මේ සහෝදරකම් මෙපමණකට වටින්නේ ඒ නිසා වන්නට ඇත.
 
ඉදින් මේ බ්ලොග්කරණයට මා පිවිස අදට වසර දෙකකි. එමෙන්ම මේ මාගේ එකසිය පනස් වන ලිපියයි. මෙයට වසර දෙකකට පෙර මා මෙයට පළමුවන කවිය ලියන විට මේ තරම් දුරක් එන්නට හෝ මේ තරම් සහෝදරකමක් දැකගන්නට හෝ ලැබේවියැයි හීනෙකින්වත් නොසිතුවෙමි. මා මේ දුර පැමිණියේ මගේ සිතුවිලි කියවන ඔබ සියළුදෙනා නිසාවෙනි.
 
ඉතින් මේ ආ ගමනේ මගේ ශක්තිය ඔබම මිස වෙන කවුරුද.
 
ස්තූතියි.

42 comments:

  1. එකසිය පනහ දෙසිය පනහ වෙනකල් අපි එන්නම් කියවන්න.. හිටියොත් !! සුබපැතුම් !!

    ReplyDelete
    Replies
    1. ආයෙ මොකෝ හිටියොත් කියන්නෙ. අනිවාර්යයෙන්ම ඉන්නවා. ස්තූතියි..

      Delete
  2. කමෝන් කමෝන්. හෙහ් !! අපි සජිත්ට සලකන්න ඕන හොඳට මේ වගේ ඔල්මොරොන්දමක් අපිට අඳුන්නල දුන්නට. වේලපහ දැනගෙන උන්නනම් එදා අවුරුදු උත්සවේ දවසෙ තමයි සලකන්නෙ අපි ඔක්කොම ටික එකතුවෙලා.

    ReplyDelete
    Replies
    1. පිස්සොත් එක්ක ඉන්නකොට අපිත් ඒ තත්වෙට වැටෙනවා කියනවනෙ අයියා.. හික්ස්.

      Delete
  3. ජය වේවා ලකියෝ...මං මේක කියවන්න ගන්නකොට මේ ඉන්නෙ මං දන්නෙ එකෙක් කියලා දන්නෙත් නෑ නෙ.

    දැන් අනික් කේකුත් හදනවා ඇති මං හිතේ....

    ReplyDelete
    Replies
    1. කේකුයි වයිනුයි දෙකම හැදෙනවා..

      Delete
  4. සුභ පැතුම්.... අපි සෙට් වෙමු... පොත් ප්‍රදර්ශනේ බලන්නත් යමු...

    ReplyDelete
    Replies
    1. මම කොයි කාලෙ ඉඳන්ද අඬන්නෙ පොත් ප්‍රදර්ශනේ බලන්ඩ යමු කියලා. ආ අභීත අයියව දැක්කම මතක් උනේ. තොරතුරක් දැනගන්න ඕනෙ. මම මූණු පොතෙන් මැසේජයක් එවන්නම්

      Delete
  5. සුභ පැතුම් නංගි..මම කැමති ආකාරයේ බ්ලොග් එකක් මේක...

    ReplyDelete
  6. වසර 2ට සුබපැතුම් තව බොහෝ කාලයක් බ්ලොග් ලියන්න ලැබේවා...!!!

    ReplyDelete
  7. සුබ පැතුම් අක්කේ. දිගටම තව ලස්සනට ලියන්න ලැබේවා...!!!

    ReplyDelete
  8. ගෙවුණු දෙවසරට සහ නිර්මාණ ඔක්කොටම මගේ සුභ පැතුම් පිළිගන්න, ඒ එක්කම පුංචි දෙයක් කියන්නම්, */බ්ලොග් අවකාශය වෙනම සමාජයකි./* මෙහෙම කිව්වට මටනම් මේත් අපේ සමාජයේම එක පැතිකඩක් විතරයි කියන්න ඕනෙතරම් සාධක පහුගිය ටිකේම දකින්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ එහෙමත් හිතන්න පුලුවන්

      Delete
  9. සුභ පැතුම් පිණිබිඳුවො... !

    ReplyDelete
  10. 150 ට සුබ පැතුම්...තව තවත් ලියන්න අදහස් ගොනු වේවා....!!

    ReplyDelete
  11. 150ටයි අවුරුදු දෙකටයි උණුසුම් සුභ පැතුම් අක්කේ..

    ReplyDelete
  12. සුභ පැතුම්... දිගටම ලියන්න තව අදහස් ලැ‍බේවා.......

    ReplyDelete
  13. තව තවත් ලියන්නට ශක්තිය ලැබේවා අද තමයි මේ පැත්තට ආවේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  14. අද වයින් පෙරනව ඇති සමරන්න. :D

    150 ට සුභ පැතුම්! :)

    ReplyDelete
    Replies
    1. වයින් නම් පෙරනවා මේ දවස් වල වෙන වැඩකට

      Delete
  15. සුභ පැතුම් දරුවො....එහෙම කියන කොට ගති නෙ..සමහර විට මම ඔයාට මල්ලි ද දන්නෙත් නැ..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි පැන්ඩා මාමේ.. හික්ස්.

      Delete
  16. 150 වෙනි පෝස්ට් එක බලන්න මමත් අද මේ පැත්තෙ ආවා..මමත් අලුත්ම කෙනෙක්..සැරිසරද්දි දැක්කෙ ඔයාව..ආයෙමත් එන්නම්කෝ මේ පැත්තෙ දිගටම ලියන්න..ජය වේවා

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා ඔයාවත්. ආයෙත් එන්න.

      Delete
  17. දෙවර්ෂ පූර්ණයට සහ 150 ට සුභ පැතුම්... ජය වේවා!

    ReplyDelete
  18. සුභ පැතුම් පිණිබිඳු සහෝදරී... පෝස්ට් එකක් පළ වෙන්නේ ඉඳලා හිටලා වුනත් අපි නම් තාමත් මෙහේ එනවා හොඳේ !!!

    දිගටම ලියන්න ශක්තිය, ‍ධෛර්යය !!!

    ReplyDelete
  19. සුබපැතුම්. අවුරුදු 2ක් කියන්නෙ පොඩි කාලයක් නෙවේ. පෝස්ට් 150ක් කියන්නෙත් පොඩි ප්‍රමාණයක් නෙවේ. පොත් ලිව්වනං 2ක 3ක විතර ප්‍රමාණයක්.

    ReplyDelete
  20. දිගටම ලියන්න වාසනාව ලැබේවා.කොමෙන්ට් නොකලත් දිගටම කියවනවා.

    ReplyDelete
  21. තව දුර යන්නට හැකියාව ශක්තිය ලැබේවා

    ReplyDelete
  22. මේ බ්ලොග් එකේ මම් නොකියවපු එක පෝස්ට් එකක්වත් නැත.
    සුබ පැතුම් පිණි !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...