Pages

Wednesday, September 4, 2013

ගැබ්බර මිනිසා නිසා නාට්‍යාලය ගබ්සා වීම


පහුගිය දිනෙක ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ 'ගැබ්බර මිනිසා' වේදිකා නාට්‍යය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ රඟ දැක්වුණා.මෙච්චර කාලෙකට කැම්පස් එකට නරකයි කියල කියන්න පුලුවන් නාට්‍ය ගෙන්වලා නෑ. 

කලින් කොහොමද කියලා දන්නෙ නැති වුණත් ඒ විශ්වාසය නිසා මමත් නාට්‍යය බලන්න ටිකට් එකක් ගත්තා. විශේෂයෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්, සරත් කොතලාවල, කුසුම් රේණු වගේ ප්‍රවීන රංගන ශිල්පීන් රඟන වේදිකා නාට්‍යක් නිසා අන්තර්ගතය ගැන සැකයක් කිසිම මොහොතක හිතේ තිබුණෙ නෑ.

ඉතින් සෙනඟ අතරෙ තෙරපිලා ශාලාවට ඇතුල් වෙන්න සිද්ධ වුණත්, චීන මහා ප්‍රාකාරය වගේ කොල්ලො පේලියකට පිටිපස්සෙ පේලියෙන් වාඩි වෙන්න සිද්ද වුණත්, ඉස්සරහ පේලියෙ කොල්ලන්ගෙ උරහිස් අතරින් වේදිකාව දිහා බලන්න සිද්ද උනත්, කරුමෙට මම හිටපු තැන විදුලි පංකාව ක්‍රියා විරහිත වෙලා තිබුණත් හොඳ නාට්‍යයක් බලනකොට ඔය හැම බාධකයක්ම අමතක වෙලා ගිහින් හිත සංසුන් වෙන බව අත්දැකීමෙන් දන්න නිසා නාට්‍යය බලන්න කලින් හිත රිදවගන්න මට කිසිම හේතුවක් තිබුණෙ නෑ.

නියමිත වෙලාවට පැය බාගයක් පරක්කු වෙලා තිරය දිග ඇරුණා. 

දල්පදාතු මහතා ගබ්සා විරෝධී ජාතික සංගමයේ සභාපති. ඒ චරිතයට රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. දල්පදාතුගේ දියණිය තරුණයෙක් සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවය නිසා ඇය අඩු වයසින්ම ගැබිණියක් වෙනවා. ඔහුගේ භාර්යාවත් අනියම් ඇසුරක් නිසා ගර්භනී වෙනවා.

මේ අතර වැරදීමකින් ඊස්ට්‍රජන් හෝමෝනය දිගුකාලයක් තිස්සේ ගැනීම නිසා දල්පදාතුද ගැබ්බර වෙනවා. පවුලේ සියලු දෙනාම එකිනෙකාට හොරෙන් ගබ්සා මධ්‍යස්ථානයකට යනවා.  අවසානයේ ගබ්සාව නිසා දියණිය මිය යන අතර, (භාර්යාවට කුමක් සිදුවන්නේදැයි දන්නේ ඔවුන්ම පමණි.) දල්පදාතු සිය කළලය ගබ්සා නොකර දරුවා මෙලොවට උපද්දවීමට තීරණය කරනවා. 

නාටකයේ සාරංශය එලෙසය. පැය භාගයකින් පමණ ඉවරකිරීමට හැකිව තිබූ කතාවක් අභව්‍ය දෙබස් හා අධි රංගනයන් සමඟ පැය දෙකකට ආසන්න කාලයකට රබර් කිරීමක් කර ඇති බව නම් හොඳාකාරවම පෙනෙන්නට තිබුණා. මෙවැනි නලු නිලි පිරිසකගෙන් මේ තරම් අසංතෘප්ත ප්‍රථිපලයක් නම් මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ. 

මට අනුව නම් එය වේදනාකාරී කාලය කාදැමීමක්. වැඩි දෙනෙක් ගෙදර ගියේ වේදිකාව මත රඟ දැක්වුණු මෙගා ටෙලිනාට්‍යයක් වැනි දෙයක් නරඹලා ඇති වුණු පසුතැවීමත් එක්ක කියන එක මට විශ්වාසයි. 

17 comments:

  1. අයියෝ මමත් හිතුවේ ශ්‍රියන්තගේ එකක් නිසා නියමෙට ඇති කියලා

    ReplyDelete
  2. ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මනුස්සය ගැනත් මගෙ තිබ්බ ගෞරවය දැන් නැත්තටම නැතිවෙලා. ඒත් අර දර්ශීය සට්ටඹිය අන්තෝනිස් ගොයිය තරමට නම් මනුස්සය නරක නෑ....ජයන්ත චන්ද්‍රසිරිත් පල්වල ඉහගෙන කන්ට පැකිලෙන්නෙ නැතිබව ඔප්පු කරමින් ඉන්නව. ඔය සෙට් එකේ තාම එක විදිහකට ඉන්නෙ කමල් විතරයි.

    ගැබ්බර මිනිසා ගැන විචාරයක් මේ....

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක බැලුව. නාට්‍ය නොබැලුවත් හිතාගන්න පුළුවන් ඇති කරල තියන විකෘතියේ තරම.

      Delete
  3. මාත් හිතුවා හොඳ එකක් වෙන්නැති කියලා.. ඒත් රවීගෙ ලින්ක් එකෙන් ගියාමත් දැනුනෙ මහ එපාකරපු නාට්ටියක හැඟීමක්... කොහොමත් මේ මාතාකාවෙදි හැමෝම උත්සාහ කරන්නෙ ඇග බේරගෙන යන්න මිසක් අවශ්‍ය දේ කතා කරන්න නෙවෙයි...

    ReplyDelete
  4. මම මේ නාට්‍ය බැලුවා අසාර්ථක නාට්‍යයක් කියන්න පුලුවන්

    ReplyDelete
  5. මේකි මේකට බැනල නොවැ..

    සිරාවට දැන් කරන්නෙ සල්ලි එකතු කරන වැඩ මිසක්. මිනිස්සු සනසන වැඩ නෙවෙ.

    ReplyDelete
  6. ඔය මෙන්ඩිස් ගොය්ය ඉතාලියෙ ඉඳන් පෙන්නන නාලිකාවකට ජැකසන් තාලෙ ගමන් විස්තර වැඩසටහනක් කරා කාලයක් ( තාම තියෙනවද දන්නෙ නෑ ). ඒකෙන් තේරුනා මිනිහට පුලුවන් එක ජාතියක චරිත ටිකක් කරගන්න විතරයි කියල. ජැකා කොච්චර අපුල උනත් පුදුම දක්ෂයෙක්. ඒත් ඌ කට අරිනකොට එන ගඳ නිසා ඉන්න එව්ව බලන්න හිතෙන්නෙ නෑ.

    ReplyDelete
  7. කැම්පස් එකටත් ඉතින් තියෙන නාට්‍ය වලින් එපැයි ගෙන්නන්න. හබැයි කැම්පස් එකෙන් නාට්‍යක් හැදුව නං මීට හොඳට තියෙයි කියල හිතෙනව.

    ReplyDelete
  8. අර කීවත් වගේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ අධි-රංගනයක් මාත් දකිනවා. ඉඳ හිට දකින ටෙලි නාට්‍යවලදි. කුසුම් රේණු නම් කියන්ට තරම් වරදක් නෑ. කතාව ඇහැව්වාම බලන්ට හිතෙන්නේ නැති නාට්‍යක්නේ...:)

    ReplyDelete
  9. නරි බුරති එකත් ඔය වගේම ඇති නේද?

    ReplyDelete
  10. මොන හේතුවකට හරි මම බලලා තියෙන වේදිකා නාට්‍ය ගාන අතේ ඇඟිලි ගානට වඩා අඩුයි. මම ඔය නාට්‍ය එයින් එකක් නෙවෙයි.

    ReplyDelete
  11. කතාව ඇත්ත..මම මෑත කාලීනව බලපු බොහොම හොඳ නාට්‍යයක් තමයි අතුල පතිරණගේ 12..අවාසනාවකට එයත් 12 Angry Men යන්නෙහි පරිවර්තයක්..අපේම කතාවක් නොවුණත් නාට්‍යය බොහෙම අගෙයි..ඒ වගේම බකමූණා වීදි බසී නාට්‍යය හොඳ සමාජ විවේචනයක් තිබෙන විකල්ප නාට්‍යයක්

    ReplyDelete
  12. ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නෙ එකම රාමුවක පමනක් හිරවෙච්චි නලුවෙක්. එතනින් එහාට රංගනයක් ඉදිරිපත් කරන්න එයාට බැහැ

    ReplyDelete
  13. නොබැලුවට කමක් නෑ .. දැන් බැලුවා වගේ කමයි

    ReplyDelete
  14. මේ පරණැ බ්ලොග් දැන් ලියවෙන්නෙම නැත්තෙ මොකද?

    ReplyDelete
  15. ප්‍රතිචාර වලට ස්තූතියි. මේ දවස් වල රයිටර්ස් බ්ලොක්. ආයෙත් ඉක්මනට පටන් ගන්නවා ලියන්න.

    ReplyDelete
  16. කෝ බං කෙල්ලේ දැං ලියන්නැද්ද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...