Pages

Friday, July 1, 2011

We Came... We Conquered.... We Survived...

උසස් පෙළ කඩ ඉම පසු කළෙමු..

ජීවිතේ වසන්තය මැද පැතුම් පොදි ගොඩ ගසා ගෙන සරසවියට ගොඩ වැදුනෙමු...

දෘඩාංග මෘදුකාංග කේත මත ජීවිතය ඇරඹුවෙමු...

එක්ව සිනා නැගුවෙමු..

දුක තුරුළු කරගෙන එක්ව වැළපුනෙමු...

කුප්පියෙන් විභාගය ගොඩ දැම්මෙමු...

එකෙකු වෙනුවෙන් සිය දෙනෙකු හඬ නැගුවෙමු..

එක් පෑන් පහරකින් ජීවිතය එළියට විසි වෙන බව දැන දැන ඇඳුරන් හා සටන් වැදුනෙමු..

උගුර ලේ රහ වනතෙක් කෑ ගැසුවෙමු....

සියල්ල අවසන අපි එය ලබා ගතිමු...

We Came.. We Conquered.... We Survived...
But Actually, We Nearly Escaped..

54 comments:

  1. එක පාරටම අතීතය මතක් වෙලා වගේ ......
    ඇත්තටම අතීතය කියන එක කොච්චර සුන්දරද .......
    ලස්සනට ලියලා තියනවා .....

    ReplyDelete
  2. Not just escaped,you won, be happy. Most difficult thing to do is keeping what you won, you have to work hard all your life to keep what you won.
    Good luck.....!!!

    ReplyDelete
  3. මගෙන් උණුසුම් සුබ පැතුම්!
    දැන් එහෙනම් උපාධිදාරිනියක් ඈ....ගොඩක් සතුටුයි!
    අපේ කොන්වොකේශන් එකත් තිබ්බ මැයි27.

    ReplyDelete
  4. මගෙනුත් සුභ පැතුම් අක්කෙ. ඔය සුන්දර මතක තමයි කවද හරි කාලෙක අපිට මතක් කරන්න ඉතුරු වෙන්නෙ. අක්ක මොන කැම්පස් එකේද?

    ReplyDelete
  5. @ පන්සල් හංදිය - පෝස්ට් එක ටැපලිලාද මන්දා. මේ කලින් පෝස්ට් එකට එන්න ඕනෙ කමෙන්ට් එකක්ද මන්දා. තැන්කූ ඈ...

    ReplyDelete
  6. @ Observer- ya that's true. That's the most challenging part. Thanx for the wishes.

    ReplyDelete
  7. congratz lak.... this is just the beginning... :)

    ReplyDelete
  8. @ නදී - අපේ එක ජූනි 28 තිබ්බෙ. කොච්චර උනත් ඒ දවස නම් කවදාවත් අමතක නොවෙන අත්දැකීමක් නේද.

    ReplyDelete
  9. /But Actually, We Nearly Escaped.. /

    Heh.......nicely put.....nearly escaped......that's a good one.....but you should be really proud about you & happy too. you made it...Nangi....you mede it!!!

    ReplyDelete
  10. @ Kasun - ස්තූතියි කසුන්. මම මොරටුවෙ.

    ReplyDelete
  11. @ කොට ජීවිතේ- Thanx dear. True. Way to go. Hope your exams are over now.

    ReplyDelete
  12. @ Ravi - හුඟාක් ස්තූතියි රවී අයියා.

    ReplyDelete
  13. අපේ සුබපැතුම්... දැන් ඉතින් කන්තෝරු ජිවිතේ පටන්ගන්න වෙන්නේ. එකනම් ඔච්චර සුන්දර නෑ. ඇත්තටම කිව්වොත් මෙලෝ රහක් නෑ.. මට එපා වෙලා අප්පා...

    ReplyDelete
  14. අක්කට සුබම සුබ පැතුම්....

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. wish you a very bright full future akka...

    ReplyDelete
  17. සුබ පැතුම් පිණිබිඳු... :D

    ReplyDelete
  18. පිණිබිදුවා මාර වාසනාවන්තයි නේ. උපාධියත් අරං රස්සාවකුත් කරනවා. අපිට උපාඪියත් නෑ. රස්සාවත් නෑ. තාම පටන් ගත්තෙත් නෑ.

    මොක උනත් නවක මෘදුකාංග ඉංජිනේරුවරියට එක සිතින්ම පුබ පතනවා !!!!!

    මම් අද ගමනක් ගිය නිසා කමෙන්ට් කරන්න පරක්කු උනා නේ.

    ගැජුවේශන් නයිට් පාර්ටි එක ඉවර වෙලා වෙන්ටෑ. අපරාදේ රහට කන්න තිබ්බා. :)

    ReplyDelete
  19. @ ADK කොලුවා - ස්තූතියි මල්ලී.. දැන් ඒ ජීවිතෙත් පටන් අරන් තියෙන්නෙ. බලමුකො ඉස්සරහට. තව ඉගෙන ගන්නත් අදහසක් තියෙනවා.

    ReplyDelete
  20. @ prasanna86k - ස්තූතියි මාලූ....

    ReplyDelete
  21. @ මකුළු පැංචි - ස්තූතියි මකුළු...

    ReplyDelete
  22. @ මධුරංග - ස්තූතියි මධුරංග.. බලන්නකො ඔයා පරක්කු හින්දා පාටි එක ඉවරත් උනා. ඉක්මනට ජොබ් එකක් ලැබෙයි ඉංජිනේරු මහත්තයෝ.. wait and see හොඳේ..

    ReplyDelete
  23. පිණිබිඳු අක්කලා අඩු තරමේ අවසානයේදී ඒක ලබාගෙන....හැබැයි අපි....කවදා ල‍බාගන්න පුළුවන් වෙයිද කියලා බලාගෙන ඉන්නවා..(විශේෂයෙන්ම මධුරංග අයියා වගේ අය...නේද අයියේ?)

    ReplyDelete
  24. සුබ පැතුම් අක්කේ බොක්කෙන්ම සුබ පැතුම් ..!!

    ෂෙහ් මගේ කරුමේ .. ඔය අහලකටවත් යන්න මට බැරිව ගිය හැටි

    ReplyDelete
  25. මගෙනුත් සුභපැතුම්..

    ජය වේවා...!!

    ReplyDelete
  26. හලේ එහෙනම් මම අක්කව කැම්පස් එකේදි දැකලත් ඇති.

    ReplyDelete
  27. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කේ...

    ReplyDelete
  28. සුභ පැතුම් අක්කේ!

    ReplyDelete
  29. සරසවි ජිවිත නම්
    හරි සුන්දරය
    ලා ගත් ලොගුව
    තරමක් බර වැඩ්ය
    ඩ්ග්‍රිය සැමදාමත්
    හරි වටිනාය
    ඔබ එය ගෙන
    අද හරි සතුටින්ය
    නැත නැවතුමක්
    ඉදිරියටම් යායුතුය
    ඒ මගට කවදත්
    මගෙන්
    සුබ පැතුමන්ය..

    ReplyDelete
  30. ඉගෙන ගන්න එපා නවත්තන්න එපා අක්කන්ඩි... කාලේ අපතේ අරින්නත් එපා. නවත්තන්නේ නැතුව දිගටම ඉගෙන ගන්න. මමත් මේ මාසේ MSc එකක් පටන් ගත්ත... අඩු වයසෙන් කොලිෆිකේෂන් ගත්තම පට්ට චාන්ස් තියෙන්නේ. එක මම අද්දැකීමෙන් දන්නවා.

    ReplyDelete
  31. you think Graduation day is the end. Its just the beginning...:D

    good luck!!!

    ReplyDelete
  32. උන්න හැටියට මලා මදැයි ! සුභ පැතුම් පිණි.....

    හරිම ලස්සනට, වෙනස්ම විදියකට ලියල තියෙනව.

    ReplyDelete
  33. @Kasun :
    මචං පොඩ්ඩක් CS පැත්තේ ගියා නම් තාමත් ඉන්නවා බලාගන්න පුලුවන්.

    ReplyDelete
  34. @ මකුළුවා.....- අනිවාර්යයෙන්ම කැම්පස් ආපු කෙනෙක්ට මේ අවස්ථාවට මූණ දෙන්න පුලුවන්නෙ මල්ලි. තාම ලෙක්චරර්ස්ලගෙ ප්‍රශ්නෙ නම් එහෙම්මමයි නේද.

    ReplyDelete
  35. @ හිස් අහස - තාමත් පරක්කු නෑ සඳරු. බාහිර උපාධියක්වත් කරා නම් හරි.

    ReplyDelete
  36. @ සෝරෝ - ස්තූතියි සෝරෝ. කාලෙකින් මේ පැත්තෙ.

    ReplyDelete
  37. @ Kasun - අපෝ දැකල ඇති. අපේ කැම්පස් එකේ කෙල්ලො වැඩිය ඉන්නව කියලයැ නේද. මල්ලි මොන ෆැකල්ටියෙද?

    ReplyDelete
  38. @ Dinesh - ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  39. @ පූසා - ස්තූතියි පූසෝ..

    ReplyDelete
  40. @ චතුමිතු - හුඟක් ලස්සනයි. ඒ වගේම හුඟක් ස්තූතියි.

    ReplyDelete
  41. @ ADK කොලුවා - නෑ මල්ලි අනිවාර්යයෙන්ම තව ඉගෙන ගන්නවා. මෙතනින් නවතින්න අදහසක් නෑ.

    ReplyDelete
  42. @ Podi Kumarihami - ස්තූතියි පොඩ්ඩී...

    ReplyDelete
  43. @ nawammawatha - ස්තූතියි නවම් අයියා. ඇත්ත ඇති සැටියෙන් ලිව්වෙ. මේක ගන්න කාපු කට්ට තාම මතකයි.

    ReplyDelete
  44. @ මධුරංග - ඔය ඉතින් බොලා එක්ක බෑනෙ. හික්ස්.

    ReplyDelete
  45. මොරටුවෙ? චේතිය අබේසිංහ, බුද්ධි විජේරත්න, කසුන් සඳරුවන් එහෙම අඳුරනවද?

    ReplyDelete
  46. කොහේදෝ කියෙවුව මතකයි . . . .

    අවුරුදු හතරක්
    තටමල තටමල
    දාපු බෙට්ට . . .
    කාට නැති උනත්
    මට වටිනව . . . .

    **********
    සුභ පැතුම් නගේ . . . . උඹට වරදින්නෙ නෑ . . . .

    ReplyDelete
  47. @ ටී.බී. හේරත් - හුරු පුරුදු නම් නෙමෙයි. සමහරවිට මූණුවරින් දන්නව ඇති.

    ReplyDelete
  48. @ ඕනයා - අප්පේ ඒක නම් ඇත්ත. මරු කවිය. හුඟක් ස්තූතියි අයියේ..

    ReplyDelete
  49. මම ආර්කි ෆැකල්ටියේ අක්කෙ.

    ReplyDelete
  50. එයාල 06 A/L, ඔය චේතියල එහෙම අලුත් ඇල්ගොරිතම් එකක් හොයාගෙන IEEE එකෙන් ස්කොල් එකක් එහෙම හම්බුනා...

    ReplyDelete
  51. අයියෝ සොරි, මම ඇත්තටම හිතුවෙ ඔයා ඩිග්‍රි එක අරං හුඟක් කල් ඒක මතක් වෙලා මේ පෝස්ට් එක දැම්මා කියලා, පරක්කු වුනත් මගෙනුත් උණුසුම් සුබ පැතුමි .........

    ReplyDelete
  52. අපේ මේ ඕනයට
    හොඳ වෙලාවකදීවත්
    කටට නෙවෙයි අතට
    බ්රේක් දාගන්න බැරි හැටි !

    ReplyDelete
  53. ගොඩ දවසකට පස්සේ අදයි බ්ලොග් බලන්න ගත්තෙ. පරක්කු වෙලා උනත්. මගෙනුත් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...