Pages

Tuesday, May 1, 2012

ප්‍රී වෙඩිං නාඩගං


අලුත් ඇස් ගාණක් පිරික්සයි හනි හනික 

සුදුසුදැයි ඈ සිතති මනාලිය වීමට 

ඩෙනිම් ටී ෂර්ට් නැත 

රැළි සාය දෙපතුල ළඟට 

කෙලින් කළ කොණ්ඩය 

සඟවමින් කණ පිටුපස 

කිංකිණි සිනා දඟ බැලුම් නැති 

කෝල සිනහා අඩු කතාවෙන් 

අම්මා තල්ලු කරයි 

නැන්දම්මාට තේ අල්ලන්න 

ප්‍රේමය නීතිගත කරන්නට සැරසෙයි 

අලුත් ඇස්, පිරික්සුම් ඇස්, කුතුහලය පිරි ඇස් අතර 

හුරුපුරුදු නෙතු ගැටුණු කල 

පුපුරන්නට ආ සිනහව දෙදෙනාම 

කැස්සකින් යටපත් කල 

කවදා කෑ ටකරන්ද බොල 

කියයි ඔහු හෙමිහිට

41 comments:

  1. හප්පටසිරි අදුනන කෙනෙක් ද හිටියේ.ලිපිය ලස්සනයි......අවසානය තවම සොයමි

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානක් ආදරේ කරාට බඳින්න කලින් ගෙදරින් ආවම කොච්චර උනත් හරිම නුහුරුයිනෙ. ළඟදි ඒ අත්දැකීම ලැබුවා. ඒකයි මේක ලියුවේ

      Delete
  2. ලගදිම වෙඩින් එකක් වගේ.... :)

    ReplyDelete
  3. පිණිබිඳු බඳින්න යන්න වගේ හදන්නේ. හොදයි හොදයි. ඒකත් ජය සිරි මංගලම් කියලා කිව්වා ලු !!

    ReplyDelete
  4. හරි වෙඩිමක් වෙන්ට යන්නේ..

    ජය මංගලම් කිව්වා..හිකිස්..

    කඹ ඇදලා වැ‍ඩේ ගොඩ දාගෙන වගේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්. කඹ අදින්න අවුරුදු හයකට කලින් වැඩේ ගොඩ ගිහින් තිබ්බෙ

      Delete
    2. අවුරුදු 6ක් දෙන්න දෙපැත්තට ඇද ඇද ඉදලා.. :)

      ජය !

      Delete
  5. පිණිබිඳු එහෙනම් කාටත් නොකියා බඳින්න වගේ හදන්නෙ. මනමාල මහත්තයත් මතක් කලා කියන්නකො.

    ReplyDelete
    Replies
    1. හරි හරි මම කියන්නම්කො

      Delete
  6. ගෑණු මායම තමා ඉතින් :D

    ReplyDelete
  7. අත්දැකීමක් නොවැ ?

    ReplyDelete
  8. ඔය ටකරම මමත් කා තිබේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් වෙල්කම් ටු ද ක්ලබ්

      Delete
  9. බඩුම තමා හික්ස්ස්...

    ReplyDelete
  10. He hee... maru wadea....... :D :D

    ~~**Daga Malla**~~~

    ReplyDelete
  11. එහෙනම්... ජයසිරි සුභ මංගලම්..

    ක්සැන්ඩර් | Xander

    (ලොග් වෙන්න කම්මැලියි එකයි අද ඇනෝ..)

    ReplyDelete
  12. ගෙදරත් ආවයි, මක්කයි ගෙනාවෙ වයින් බෝතලයක්ද ?

    ReplyDelete
    Replies
    1. අපෝ නවම් අයියා මාව දැන් බේබදු ගානටම දාලනෙ.

      Delete
  13. ඉක්මනටම සුභ ආරන්චියක් ලැබෙයි නෙ.....

    ReplyDelete
    Replies
    1. ඔව් තව මාස අටකින් විතර

      Delete
  14. අවුරුදු උත්සවේට ආවනෙ...මම නම් කතා කලා ඒ අයියත් එක්ක...සුභ පැතුම් අක්කෙ...

    ReplyDelete
  15. මන් එන්නේ නෑ මේ පැත්ත පළාතේ.. අපේ පැත්තේ එන්නේ නැති හින්දා.

    ReplyDelete
    Replies
    1. තරහ අවසර. ඔන්න ඒ පැත්තෙ ආවා මම

      Delete
  16. මේ මට කියනවා කිව්වා නේද??

    ReplyDelete
    Replies
    1. උඹට කිව්වොත් එහෙ එනවද

      Delete
    2. බලමු ට්‍රයි එකක් දාලා.එන්න ආසයි බං.

      Delete
  17. හා හා අපිටත් ඕනේ ඔන්න වෙඩින් කේක්....

    ReplyDelete
    Replies
    1. දෙන්නම් ගමකට. අක්කට කන්න හොඳද

      Delete
  18. මට පේන්නේ මේක තඩි කුමන්ත්‍රනයක්...! මනාලයා නොදන්න පාට් එකෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව බලන්න ගිහිං වගේ...

    ReplyDelete
    Replies
    1. නොදන්න පාට් එකෙන් නෙමෙයි දන්න පාට් එකෙන්මයි ආවෙ.

      Delete
  19. මාසෙකට විතර පස්සෙ බ්ලොග් කියවන්න පටන් ගත්තෙ, ඒ අස්සෙ වෙඩිමකුත් එහෙනං...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල පේන්න නැතුව හිටියෙ මොකෝ. අයියෝ ඔබා මාමා එක්ක අවුරුදු උත්සවේදි කතා කරන්නවත් බැරි උනා.

      Delete
    2. මේ කමෙන්ට් එක දැක්කම පොඩි දුකකුත් හිතේ ඇති උනා. :(

      Delete
  20. එහෙනම් ලඟදිම කේක් කෑල්ලක් කතෑකි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...