Pages

Monday, July 4, 2011

මළ විකාර කෑම


මාතෘකාව දැකලා මළ විකාරයි වගේද? සාමාන්‍යයෙන් අපි කන කෑම වලට අමතරව සමහර වෙලාවට අපිට අපිටම ආවේණික වෙච්ච අසාමාන්‍ය කෑම තියෙනවා නේද. අන්න ඒවා තමා මළ විකාර කෑම.

මේක කියවලා මට විකාරද කියල අහන්න එපා. මම හොඳටම දන්නවා ඔය හැමෝටම මේ වගේ තමන්ටම ආවේණික වෙච්ච කෑම ජාති එකක්වත් තියෙනවා කියලා.

ඔය පහලින් තියෙන්නෙ මගේ මළ විකාර කෑම සහ මම අහලා තියෙන මළ විකාර කෑම.

1. මම පුංචි කාලෙ ඉඳලම මාර ආසයි බටර් කේක් එක්ක ජෑම් කන්න. බටර් කේක් කෑල්ල මැද්දෙන් කපලා ජෑම් ගාලා කාලා තියෙද? මාර රහයි.

2. මම ආයෙ ආසම කෑමක් තමා පානුයි, කිතුල් පැණියි. කිතුල් පැණි නම් ශීතකරණයේ ටික වෙලාවක් තියලා ගත්තම තවත් රසයි.

3. ඊළඟට රොටී සහ හකුරු. උණු උණු රොටියක් එක්ක හොඳ කිතුල් හකුරු කෑල්ලක් තිබ්බා නම් කියල වැඩක් නෑ.

4. ටිකිරි මාරි වලට මාමයිට් ගාලා කාලා තියෙද? මේක නම් ඉස්සර පාඩම් කරන කාලෙ හොයාගත්ත එකක්. එච්චරම අවුලක් නෑ. කන්න පුලුවන්.

5. විස්කිරිඤ්ඤා එක්ක මාමයිට් අත්හදා බලල තියෙද. මේකත් හොයා ගත්තෙ ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙ. දැන් උනත් පාඩම් කරන කට්ටියට නිදිමත යන්න මට නිර්දේශ කරන්න පුලුවන් විස්කිරිඤ්ඤා. අපි ඉස්සර ඕවට කියන්නෙ රිවිරැස මෙහෙයුම් කියලා. කටේ දාලා හපන කොට කට ඇතුලෙ යුද්ධයක් වගේනෙ. නිදිමත කොහෙ ගියාද නෑ. අන්තිමට බලද්දි ඒ ලෙවල් කරපු කාලෙ කාපු එකම විතරයි හරියට කරේ.

6. හොඳට ඉදිච්ච අලි පේර ගෙඩියක් දෙකට පලලා ඇටේ අයින් කරාම කෝප්පෙ වගේ තියෙනවනෙ. ඒකට කිතුල් පැණි දාලා හැන්දකින් කන්න මම මාර ආසයි. ඔහේ අපත වෙන වෙලාවට නම් කියාපු කෑම.

7. ඔය අලි පේර හූරලා කෝප්පෙකට දාලා කිරි පිටියි සීනියි දාලා හොඳට මිශ්‍ර කරලා කාලා බලන්න. කොලෙස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාවට කියාපු බේත. අඩු කර ගන්න නෙමෙයි. ලෙඩ ටික වැඩි කරගන්න. ඒත් දෙයියනේ හිත හදාගෙන නොකා ඉන්නෙ කෝමද. පෙරේත කම ලොකුයිනෙ ඊට වැඩිය.

8. හවස් වෙලාවක හැදෙන බඩගින්නට පාන් ගෙඩියක් ඇරෙන්න කන්න දෙයක් ගේ පුරා හොයා ගන්න නැත්තන් කරන්න තියෙන්නෙ පොල් ටිකක් ගාගෙන පාන් එක්ක කන එක. රතු ළුණු ගෙඩියකුත් තිබ්බ නම් කියල වැඩක් නෑ.

9. ඉස්සර පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් දානකොටත් එක එක කෑම ජාති අත්හදා බලල තියෙනවා. නෙල්ලි බිලිං තියෙන්නෙ. බෙහෙත් නෙල්ලි නෙමෙයි නෙල්ලි බිලිං හොඳේ. ඒවා ගෙදර උයනකොට දාන සියඹලා එක්ක මාර රහයි. ගහෙන් කඩපු සියඹලා නෙමෙයි. උයන්න පදම් කරපු සියඹලා වෙන්න ඕනෙ.

මේවා මම කාලා තියෙන මළ විකාර කෑම. ඔය පහළින් තියෙන්නෙ මම අහලා තියෙන ඒ වගේ කෑම.

අපේ පන්තියෙ කෙල්ලෙක් හිටියා ඉදිච්ච කෙසෙල් පොඩි කරලා බත් එක්ක කන. අපෝ මට නම් ඒක අත්හදා බලන්න වත් හිතුණ නෑ.

මම අහලා තියෙනවා සමහරු දිවුල් කිරි බත් එක්ක කනව කියලා. ඒ වගේම මීකිරිත් බත් එක්ක කනවලු. මම නම් එහෙම කාලා නෑ.

විශ්වාස කරනවද අපේ කෙල්ලෙක් හිටියා ඒකි පොලොසුයි සීනියි කනවලු. ඒක නම් මළ විකාර කෑමක්ම තමා.

ඉතින් මතක් උනාද ඔයාලගෙ මළ විකාර කෑම ගැන. මතක් උනා නම් ලියලා යන්න අමතක කරන්න එපා හොඳේ.

87 comments:

  1. 2 ,4 හා 7 යන ඒවායේ රහ බලා ඇත ඒවානම් ඇත්තටම පට්ටාය අනික් ඒවා ගැන කිවුවට තැන්කූ හොඳේ
    *තව වැනිලා අයිස්ක්‍රීම් එක්ක පෝටෙලෝ ම්........
    *චොක්ලට් අයිස්ක්‍රීම් එක්ක කූල් කෝපි කියලා වැඩක් නෑ ප්ට්ට සුපිරි ඔවෙනෙ නම් ගෙනත් කාලා බලන්න බොරුද කියලා

    ReplyDelete
  2. ඔය නම් අපිව ලෙඩ කරන්නෙ හදන්නෙ පිණිබිඳු අක්ක. මොන තරහක් පිරිමහ ගන්න හදනවද මන්ද? :P

    අයියෝ අක්කෙ, දිවුල් කිරි බත් එක්ක කාල නැද්ද? කොච්චර රස කෑමක්ද. දිවුල් ටිකක් කඩෙන් ගෙනල්ල හදාගෙන කෑවත් පාඩු නෑ.

    ReplyDelete
  3. මගේ එව්වා මේ
    1) මම මාරම ආසයි පාන් වලට බටරුයි මාමයිටුයි දෙක එකට ගාලා කන්න.

    2) තව හවස් වරුවට පාන් කනවනම් කතු ළූණු හරි කොච්චි මිරිස් කරල් දෙක තුනක් එක්ක හරි තමයි කන්නේ.

    ReplyDelete
  4. 2,7 යන ඒවා රස බලා ඇත තව මම

    ක්‍රීම් කැකර් බිස්කට් දෙකක් මැදට චිලිපේස්ට් දාලා කන්න ආසයි

    ReplyDelete
  5. කිතුල් පැණියි පානුයි නියම කෑමක්නේ.. ඒක මගෙත් ෆේවම ෆේවරිට් එකක්...
    කාල බලන්ට පාන් එක්ක මාළු හොදියි ජෑමුයි එකට.

    ReplyDelete
  6. ඇයි අක්කේ... ස්ට්‍රෝබෙරි ජෑමුයි ක්‍රීම් කැකරුයි...
    එත​කොට... චීසුයි පානුයි, තම්බපු අලයි මාමයිටුයි... ගම්බිරිසුයි.
    අක්කා කාලා තියේද කොට්ටම්බා ඈට වල මදේ...? තව... වට්ටක්කා වල ඈට.... අන්න කාලා ලබන්න රස... තව තියෙනවා අටපෙතියා මල් වල ටිකක් වේලුන ඈට... අම්මෝ කිරිරස.

    ReplyDelete
  7. ක්‍රරීම් ක්‍රැකර් බිස්කට් එක්ක හකුරු පට්ටයි
    කිරිබත් සමග හකුරු.....
    අපේ තාත්තා නං මී කිරි එක්ක කිරිහොදි කන්න මාර ආසයි ( ඒකට බත් ටිකක් දාන්නත් පුලුවන්

    ReplyDelete
  8. 3 සහ 8 විතරයි අත්හදි බලල තියෙන්නේ.. 4 ගැන කියනවානමි ටිකිරි මාරි වෙනුවට සුපර් ක්‍රැකර් තමා ඉතින්... 8ත් පොල් ගාන්නම ඕනි නෑ.. උළුප්පලා... ෂා ෂා...

    මේ අර යාළුවගෙ කෙසෙල් කථාව.. ඒක මරු හලෝ... හැබැයි ඇඹුල් කෙසෙල්.. හහ්.. අන්නාසි බත් එක්ක කන්න පුළුවන්.. කෙසෙල් තමා මළ විකාර.. කෝලන්.. :)

    ReplyDelete
  9. *කිරිබත්, ලුණුමිරිස්, බටර් කේක් එකට අනල
    *කොකො කෝල එකට අයිස් ක්‍රීම් දාල
    *ක්‍රීම් ක්‍රැකරුයි සීනි කෙහෙලුයි
    *මීකිරියි හාල්මැස්සො හොඳියි (මම නම් කාල නෑ.. ඔය පොළොන්නරුව පැත්තෙ කෙනෙක් කාල ති‍බුන)
    *රොටිත් එක්ක තක්කාලි සෝස්

    ReplyDelete
  10. 2,3,7,8 මමත් අත්හදා බලා තියෙනවා...
    ඊට අමතරව 1 වෙනි එකට- මම කෙක් වලට ice cream දාලා කාලා තියෙනවා.. :P
    ඇයි අක්කි.. අකිකිට දෙයක් අමතක වුණා.. මේක ගොඩක් අය කරනවා.. සමහර පළතුරු වලට ලුණු,ම්රිස් හරි ගම්ම්රිස් හරි දාලා කන එක.. :)
    තව ගොඩක් දෙවල් තියෙනවා මේ වෙලාවේ මතක් වුනේ නැති වුණත්.. :))))

    ReplyDelete
  11. @ බීටා - වැනිලා අයිස්ක්‍රීම් එක්ක පෝටෙලෝ.. අනේ ඒක නම් අනිවාර්යයෙන්ම අත්හදා බලන්න ඕනෙ.

    ReplyDelete
  12. @ Kasun - දිවුල් කිරි බත් එක්ක මට නිකන් අවුල් අවුල් වගේ. ඒත් හොඳයි කියන නිසා ට්‍රයි කරල බලන්න ඕනෙ. ඔය කෑම ගැන අත්හදා බැලීම තමා මගේ විනෝදාංශය.

    ReplyDelete
  13. @ පූසා - පාන් වලට ජෑමුයි බටරුයි එකට ගාලත් රසයි.

    ReplyDelete
  14. @ ශානු - අයියෝ ඒක අමතක උනානෙ. අඩේ මාත් ආසයි එහෙම කන්න.

    ReplyDelete
  15. @ පුතා - "පාන් එක්ක මාළු හොදියි ජෑමුයි " අනේ මේ පුතාගෙ බොරුද කොහෙද.

    ReplyDelete
  16. @ prasanna86k - කොට්ටම්බා ඇට වල මදේ නම් කාලා තියෙනවා. ඒත් අටපෙතියා කාලා නෑ බන්. ඒවා කනවද බන්.

    ReplyDelete
  17. @ sameera - කිරිබත් සමඟ හකුරු කිව්වම මතක් උනේ අපේ ආච්චි ඉස්සර හකුරු කිරිබත් හදනවා මාර රහයි.

    ReplyDelete
  18. @ තනෝජා රාජපක්‍ෂ - සැර... බත් එකකට අන්නාසි පෙත්තක් තිබ්බම කෝමද රස.

    ReplyDelete
  19. @ සාතන් - "*මීකිරියි හාල්මැස්සො හොඳියි (මම නම් කාල නෑ.. ඔය පොළොන්නරුව පැත්තෙ කෙනෙක් කාල ති‍බුන)" අනේ පලයන් බන් බොරු නේද. ක්‍රීම් ක්‍රැකරුයි ඇඹුල් කෙහෙලුයිත් මාර ගති. ඒක හරියන්නෙ උණ හැදිච්ච වෙලාවට තමා.

    ReplyDelete
  20. @ චතුමිතු - ලුණු ගම්මිරිස් දාලා කන ඒවා නම් කොච්චර තියෙනවද. අම්මෝ කටට කෙලත් උනනවා.

    ReplyDelete
  21. පානුයි කිතුල් පැණියි නම් මගෙත් ඉස්සර ආසම කෑමක්, ඉස්සර කිව්වෙ හක්මන ආච්චිලගෙ දිහාවෙ ඉන්නකොට. දැං ආස උනත් කෝ කිතුල් පැණි.

    දිවුල් කිරි උණු බත් එක්ක මාර රහයි

    මුදවාපු කිරි, බතුයි එළවලුයි එක්ක ජාති පහයි

    ---------
    මේ මං ආස කෑම

    රටකජුයි හකුරුයි හරි සීනියි

    ගම්මිරිසුයි ලුණු කුඩුයි එක්ක සියඹලා

    කිරි හොදියි, කැකුළු බතුයි පොඩියට කඩාපු පානුයි. [කට්ටසම්බල් පොඩ්ඩකුත් ආවොත් ජාති]

    රතුළූණුයි පානුයි

    ක්‍රීම් කැකර් එක්ක බටර් සහ උම්බලකඩ සම්බල්

    හට්ටි බත් [මැටි හට්ටියෙ හින්දපු පරිපුවලට බතුයි අනිත් එලවළුයි දාල ඔක්කෝම එකට අනල ගුලි හදල හෙමීට කන්න - හක්මන ආච්චිලගෙ ගෙදරදි තමයි අන්තිමටම කෑවෙ]

    සුදුළූණු පුච්චල හකුරු එක්ක.

    ReplyDelete
  22. ඇයි බොලේ උලුප්පාපු කුරුම්බ පැණිත් එක්ක

    ReplyDelete
  23. හින්දාපු පරිප්පු වලට මිරිස් මාළු හොදි දාල රෝස් පාං එක්ක.....

    කොච්චි දාල තම්බාපු පිටි කොස් ඇට කරෝල හොදිත් එක්ක.....


    තව මොනව හරි මතක් උනොත් ආයෙම එන්නංකො....

    ReplyDelete
  24. මගේ ඒ දවස්වල ප්‍රියතම කෑමක් තමා ක්‍රීම් ක්‍රැකර්වල බටර් ගාලා සීනි දාලා කන එක, එතකොට පාන්වලා බටර් සම්බෝල ගාලා කන එක ...........

    බැලුවාම හැමෝටම මොකක් හරි චොයිස් එකක් තිබිලා තියනවා ..

    ReplyDelete
  25. අම්මෝ මේ පිණිබිඳුවා කියලා කියන්නේ කෑමවට්ටෝරු පොතකට නේ. නියම කෑම ටික. මම නම් ආස පිටියි සීනියි කන්න. ඒ වගේම ඉස්සර මගේ ප්‍රියතම බීමක් තමයි ග්‍රයිප් වෝටර් කියලා කියන්නේ.

    ග්‍රයිප් වෝටර් බොන්නේ බඩේ ගායකට උනත් මට නම් ඒක නිකන් ක්‍රිම් සෝඩා එකක් වගේ. දවසින් බීලා ඉවර කරලා දානවා.

    අපේ අප්පච්චි බතුත් එක්ක ආනමාලු කෙහෙල් ගෙඩි කනවා. මටනම් අප්පිරියාවේ බෑ. යූක්..... ඩිස්ගස්ටින් !!!!! :)

    ReplyDelete
  26. හෆ්ෆා අලුත් කෑම ටිකක් ඉගනගත්තා අර බතුත් එක්ක කෙසෙල් කෑමනං මගේ රෙසිපියෙත් තියේ තව අනම් මනං තියේ අහුවෙන ඕනෙ කෑමක් අතට අහුවෙන කන්න පුලුවන් දෙයක් එක්ක කනවා... ඇල් වතුරෙන් කෝපි හැදීම වගේ අපේ අම්මා අප්පිරියාවෙන් බලන බීම වර්ග හදන එකත් ඉතින් මගේ රෙසිපියේ වරදින්නෙම නැති බීමක් තමා.... තව රොටියක් හදලා රොටිය පුච්චද්දී ඔම්ලට් මික්ස්චර් එක දාලා කන එක වගේ කෑමත් තියේ... (අන්තිම එක නං හැමෝටම කන්න පුලුවන් අර කෙහෙලුයි ඇල්වතුර කෝපියි නං හැමෝටම අල්ලන එකක් නෑ)

    ReplyDelete
  27. අපේ අම්මා කන මහ අමුතුම අමුතු කෑමක් තියෙනවා. ඔයගොල්ලෝ කාලා තියෙනවද දන්නේ නැහැ.
    ආස්ම්යි, කෙසෙලුයි, තව අවුරුදු කැම වර්ගයි එකට අනලා කන එක

    ReplyDelete
  28. @ nawammawatha - රටකජුයි හකුරුයි කියද්දි මතක් උනේ අම්මෝ බැදපු කජුයි පැණියි.

    සුදුළුණු පුච්චන සුවඳම ඇති බඩ පිරෙන්න.

    හට්ටි බත් කිව්වම මතක් උනේ මම මාර ආසයි මාලු ඇඹුල් තියල් උයපු හට්ටියෙ මාලු බොර තියෙද්දි පොලුයි බතුයි දාලා අනල කන්න. අනේ මට දැන් ගෙදර දුවන්න හිතෙනවා.

    උලුප්පපු කුරුම්බා පැණිත් එක්ක නම් මට කන්න බැරි උනා. ඒකත් කාල බලන්න ඕනෙ.

    ReplyDelete
  29. @ nawammawatha - නවම් අයියගෙ කමෙන්ට් දැක්කම බඩගිනි හැදෙනවා අයියෝ..

    ReplyDelete
  30. @ පන්සල් හංදිය - ක්‍රීම් ක්‍රැකර් ඇඹුල් තියල් මාලු කඩලා දාලත් මාර රහයි.

    ReplyDelete
  31. @ මධුරංග - පිටියි සීනියි දැනුත් මගෙ ප්‍රියතම කෑමක්නෙ. අම්මගෙන් ඇති පදම් ගුටි කාල ඇති පිටියි සීනියි කන්න ගිහින්.

    ReplyDelete
  32. @ කිඩෝ - රොටී වලට ඔම්ලට් දාල හදද්දි නිකන් පීට්සා වගේ ඇති. හික්ස්.

    ReplyDelete
  33. @ මතකයන් - මම නම් කාල නෑ. ඇහුවෙත් අදමයි.

    ReplyDelete
  34. ක්‍රීම් ක්‍රැකරුයි සීනි සම්බෝලයි, පොලුයි මිරිස් හොදී පානුයි ,ක්‍රීම් ක්‍රැකරුයි strawberry jam.

    ReplyDelete
  35. මේකේ දාල තියන කොමෙන්ටුත් ඔක්කොම කියෙව්වා.අම්මෙ මගෙ බඩ දනව "ගැස්ට්‍රයිටිස්" වැඩි උනාද මන්ද?මාර කෑම ජාතිනේ තියෙන්නෙ බැලුවම.
    අපේ අප්පචිචිලත් බත් එක්ක මී කිරි කනව.මම් නම් ආස නෑ එහෙම කන්න.
    මමත් ක්‍රීම් ක්‍රෑකර් බිස්කට් එක්ක උම්බලකඩ පේස්ට්එක කනව ඒක නම් මරු.
    ආය හින් කොච්චි සම්බෝල එක්ක උණු උණු රොස්පාන්.සැරයි රහයි දෙකම තියනව.
    ආය මම් අගුණකොල සම්බොල එක්ක බත් කනව.පාරේ ඒ කොල දැක්කත් ඒ සුවද රස මතක් වෙනව.හ්ම්ම්... මරු.ඒත් ඒ තිත්තට ගොඩක් අය කැමති නෑ.
    ආය කුරුම්බා මද එක්ක මීපැණි නියමයි.

    ReplyDelete
  36. අඩේ මරු කෑම ටිකක් නේ.. මම ආසයි හීල් බත් වලට පොල් කිරියි, මිරිස් කරල දෙක තුනකුයි, ලුණුයි දාලා කන්න. මාර රහයි..
    තව තෙල් දාපු රටකජුයි බටරුයි පානුයි..
    රොටියක් අරන් හීනියට හදලා බිස්කට් එක වගේ බැදලා ඒක උඩින් බට්ර් දාලා කන්න.. තව ගොඩාක් තියෙනවා, බඩගිනි වෙලා කන්න දෙයක් නැති වෙලාවට තමයි ඒවා මතක් වෙන්නේ. හී හී

    ReplyDelete
  37. අලිගැට පේර වලට පිටි සීනියි දාලා කන්න මාත්කැමතියි. ඒක මාර රසයි.

    ක්‍රීම් ක්‍රැකර් වලට මාමයිට් හරි වෙජිමයිට් හරි ගාලා පොල් සම්බෝල දා කාලා බලන්න මාර රසයි.

    අයිස්ක්‍රීම් වලට පැනි දැම්මමත් මරු.

    මේ ලඟදි කඩේ දැක්කා පොල් කේක් එක්ක බත් කනවා මට හිතා ගන්න බැහැ මිනිහා එහෙම කෑවේ ආසාවටද කන පැලෙන්න බීලා හිටපු නිසාද කියලා.

    මාත් බීලා වැඩි උනාම නම් ඔයිටත් අමුතු ඒව කනවා වැරදිලා ඩෙස්ට් බත් එකට බෙදාගෙන වගේ :-D

    ReplyDelete
  38. හේ බොරු නෙවෙයි සිරාවටම ජෑම් එක්ක මාළු හොදි මරු.. :)
    ආහ්.. සම්බෝලයි බටරුයි..
    රතුළුණුයි උම්බලකඩයි එක්ක උණු රෝස් පාන්, ඒකටම කොච්චි කරලකුත් තිබ්බනම් නියමයි..

    ReplyDelete
  39. මම ආසම කෑම ජාති ටිකක් තියෙනවා.
    1. මුං ඇට කිරිබත් එක්ක පැණිපොල්
    2. ක්‍රිම් ක්‍රැකර් එක්ක සෝස්
    3. පැණිපොල් එක්ක බිස්කට් ජාති
    4. වැනිලා අයිස්ක්‍රීම් එක්ක පැණි

    මෙතනින් මුල්ම එකට තමා මන් ආසම. කාල බලන්නකො පට්ටම රසයි :)

    ReplyDelete
  40. අඩේ අමතක වුණා. ගෙදර ඉන්නකොට කන්නම දෙයක් නැත්තම් මම කිරිපිටි එක්ක සීනි කලවම් කරගෙන කනවා :D

    ReplyDelete
  41. :O මම මේ එකක්වත් කාලා නෑනේ :( මම හිතුවේ මගේ කෑම වට්ටෝරුවම මේකේ තියෙයි කියලා :O

    ReplyDelete
  42. මමත් පොඩි කාලේ බතුයි කෙසෙල් ගෙඩියි කාලා තියෙනවා. තව අර 7 වෙනි එකත් නියම කෑම.. ක්‍රීම් කැකර් එක්ක සෝස් කියන්නේ මරුම කැමක් තමයි...
    අක්කත් දාන්නේම අපිට බඩගිණි හැදෙන පෝස්ට්මනේ...

    ReplyDelete
  43. රෝස් පානුයි පොලුයි ලූණුයි කන්න මම හරිම ආසයි...ඒකත් විකාර කෑමක් වෙන්න ඇති

    ReplyDelete
  44. ඔය උඩ තියෙන කෑම වලින් කිහිපයක් ඇර අනිත් හැම දේම මාත් කනවා...

    තව බටර් බනිස් මැද්දෙන් පලලා මාගරින් ගාලා සීනි දාලා කනවා.

    හීල් බත් වලට පාන් කාලක් කඩලා දාලා කරවල හොදියි පොල් සම්බෝලයි එක්ක..

    වෑංජන උයපු හට්ටි වලට දංකුඩ ටිකක් දාලා පිහගෙන කෑම..

    කුරුම්බා වතුරට කුරුම්බා ළොඳත් හූරලා දාලා සීනි හැන්දක් දාලා බොන්න...

    කරවිල උයලා..බත් නැතිව කරවිල ටික විතරක් පීරිසියකට බෙදාගෙන කාලා දාන්න..

    කලටි පොල් උළුප්පලා උණු උණූවේ බාපු තැටි පාන් ගෙඩියක් එක්ක...

    රා බෝතලයයි..මඤ්ඤොක්කා පිගානයි.. ඌරු මසුයි...

    හොඳ සැරට ලුණු මිරිස් හදලා ඒකටම තක්කාලි ගෙඩියකුත් දාලා කොටලා..අරගෙන බිත්තරයකට කලවම් කරලා ඒ දියාරු මිශ්‍රණය පාන් පෙතිවල ගාලා සෝස් පෑන් එකේ තෙල් ටිකක් රත් කරලා පාන් පෙත්තේ දෙපැත්තම බැද ගෙන බලන්ටකෝ..

    තවනං කිව්ව හැකි ගමකට.. මොකද මං නිතරම ඔහොම ජහර කෑම හදනවා අත්හදා බලන්න...

    ReplyDelete
  45. අඩේ මරු කෑම ටිකනේ.. එකක්වත් කීපයක් අත්හදා බලා ඇත. ගෙදර හිටියනම් තවත් කීපයක් බලන්න තිබුන.

    ඒක නෙමේ අයිස් ක්‍රීම් සහ මස් හොදියි කාල තියනවද?? කතාවට බයිටක් වගේ උනත් මරේ මරු කෑම..

    ReplyDelete
  46. @ pissi - ක්‍රීම් ක්‍රැකර් + ජෑම් මම ඊයෙ ට්‍රයි කරා.

    ReplyDelete
  47. @ නදී - කුරුම්බා මද එක්ක පැණි ට්‍රයි කරල බලන්න ඕනෙ. කීප දෙනෙක්ම දැන් කිව්වා ඒක.

    ReplyDelete
  48. @ ප්‍රාර්ථනා - ඔය තියෙන්නෙ තව කෑම.

    ReplyDelete
  49. @ ම - අපෝ බීපුවම කට්ටිය කොහොමත් කන්නෙ මළ විකාර කෑමම තමා. පොල් කේක් එක්ක බත්? අපෝ ඩෝප් පිට කෑවොත් මිසක් ඇත්තටම නම් කන්න බෑ එහෙම නම්.

    ReplyDelete
  50. @ පුතා - ඇත්තටමද කිව්වෙ. ඒක නම් ට්‍රයි කරල බලන්න වටිනව එහෙනම්.

    ReplyDelete
  51. @ ..ChAnDiKa.. - මුංඇට කිරිබත් එක්ක පැණිපොල් කන්න දැන් ඉතින් ගෙදර යනකල් හිටපංකො. අයියෝ මගෙ බඩගින්න ඇවිස්සුනා.

    ReplyDelete
  52. @ ..ChAnDiKa.. - කිරිපිටි එක්ක සීනි නම් මෙතන ඉන්න ඔක්කොම කාලා ඇති. මම නම් ඊට අමතරව අම්මගෙන් ගුටිත් කාලා තියෙනවා ඕවා එක්ක.

    ReplyDelete
  53. @ මලිති - අයියෝ මෙතන එක කෑමක් වත් කාලා නැද්ද. වහාම අත්හදාබලන්න. සිකේ ඉඳල වැඩක් නෑ නැත්තන්.

    ReplyDelete
  54. @ Dinesh - ඔයාට පෝස්ට් එක දැකල බඩිගිනිලු. මට මේ කමෙන්ට් ටික දැකලා බඩගිනියි ඉන්න බෑ.

    ReplyDelete
  55. @ දිල් - පානුයි පොලුයි කියල වැඩක් නෑ අප්පා..

    ReplyDelete
  56. @ මාරයාගේ හෝරාව - අම්මෝ මාරයියේ ඔයාගෙ කෑම ලිස්ට් එක නම් මාරයි. වෑන්ජන හට්ටි වල බත් දාලා පිහගෙන කෑම නම් මාර රසයි නේද. ඒකට මැටි හට්ටි වල උයලා තිබ්බා නම් තවත් රසයි. ඔය රා සිද්දිය නම් මම දන්නෙ නෑ ඕන්.පාන් පෙති වල සීන් එක නම් මම ඇහුවමයි. හැබැයි ඒක නම් මම අනිවාර්යයෙන්ම අත්හදා බලන්නම ඕනෙ ගෙදර ගියාම. රහගුණ කියන්නම්කො ඇවිත්.

    ReplyDelete
  57. @ ADK කොලුවා - අයිස්ක්‍රීම් + මස් හොදි. ඈ මලේ උඹ හොඳ සිහියෙන්ද.. මගෙ සිහිය විකල් වෙනවා මුන්ගෙ කෑම අහපුවම. හික්ස්.

    ReplyDelete
  58. අර මාමයිට් එක්ක කන ඒව ඇර අනික් ඔක්කොටම මම කැමතියි .ඔයා ලියල තියෙන ගොඩක් ඒවා අත්හදා බලලා කාල තියෙනවා.මේ වත් ට්‍රයි කරන්න

    1/මාරි බිස්කට් සීනි දාපු තේ එකක හරි කිරි පිටි එකක හරි පොඟවලා කන්න
    2/ බටර් ,ජෑම් දෙකම කලවමේ ගාලා පාන් , උණු රොටි , ක්‍රීම් ක්‍රැකර් මරු
    3/රතුහාල් බත් එක්ක කිතුල් පැණි දාලා කන්න
    4/ ඇඹුල් තියල්/ලුණු මිරිස් එක්ක ක්‍රීම් ක්‍රැකර්
    5/ සීනියි උණු උණු ඉඳිආප්ප
    6/ස්ට්‍රෝබෙරි ජෑම් වලට පොටෙලෝ දාලා පාන් වල ගාලා කන්න
    7/ යෝගට් වලට පැණි දාලා

    ReplyDelete
  59. ගෙදර කන්න මොනවත් නැත්නම් විවා , හෝර්ලික්ස් ,නෙස්ටමෝල්ට් වලින් කැමති දෙයක් මේස හැඳි තුනක් අල්ලට අරගෙන කාලා හොඳට අත පිහගන්න .අම්මගෙන් බැනුම් අහන්නත් ලෑස්ති වෙන්න

    ReplyDelete
  60. මල විකාර කෑම - මාලන් ප්‍රනාන්දු

    1) මැලිබන් චොකලට් බිස්කට් උනු තේ එකක පොගෝගෙන කෑම

    2) පාන් නොතෙල්ලා සහ මයොනේස් සමග

    3) යෝගට් පැනි සමග

    දැනට ඔච්චරයි

    ReplyDelete
  61. කිතුල් පැණි වලට පොල් දාලා
    පාන් වලට තක්කාලි සෝස් ගාලා
    කට්ලට් රෝල්ස් හදනකොට දවටන්න ගන්න බිස්කට් කුඩු වලට සීනි , පොල් දාලා එකට අනල
    මිරිස් මාළු හොදි වලට පොල් දාලා
    ක්‍රීම් කැකර් දෙකක් මැදට ඔම්ලට් එකක් තියල
    මරු...........

    ReplyDelete
  62. පාඩම් කරන කට්ටියට නිදිමත යන්න මට නිර්දේශ කරන්න පුලුවන් නින්ද.

    ReplyDelete
  63. @ TG - හුඟක් අය මාමයිට් වලට ආස නෑ ඒකෙ ගඳ නිසා නේද. ඔයා දාල තියෙන ලිස්ට් එකේ සමහර ඒවා මම කාල තියෙනවා. ඉතුරු ඒවා ට්‍රයි කරල බලන්න ඕනෙ.

    කිරිපිටි + සීනි + අම්මගෙ ගුටි

    ReplyDelete
  64. @ MaRLaN - මෙන්න ඇති යන්තම් මෙයා ඇවිත්. අපෝ ඔච්චරද ලිස්ට් එක. මදිනෙ. මේවා ට්‍රයි කරල බලන්නකො.

    ReplyDelete
  65. @ Anonymous - ස්තූතියි ඔයාගෙ ලිස්ට් එකටත්. නමින්ම ආවා නම් මීට වඩා වටිනවා.

    ReplyDelete
  66. @ ටී.බී. හේරත් - අනේ අම්මපා බාල පරම්පරාවට දෙන ආදර්ශද ඕවා.

    ReplyDelete
  67. This comment has been removed by the author.

    ReplyDelete
  68. @ පිණිබිඳු,
    ඇයි ඉතින් නිදිමත නම් බොරු කරන්නෙ නැතිව නිදාගෙන හොඳ සිහිය තියන වෙලාවට පාඩම් කලා නම් හරි නෙ, ඒක ආයාසයෙන් නිදිමත මැඩපවත්වගෙන පාඩම් කරනවට වඩා ගොඩක් ඵලදායී.

    ReplyDelete
  69. මම කන්නෙ,

    ප්ලේන් බනිස් මැදට පරිප්පු වඩයක් තියලා දෙකට නවලා,
    ලුණුමිරිස් වල තියෙන උම්බලකඩ කෑලි කෙසෙල් ගෙඩිත් එක්ක....


    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................. :p

    ReplyDelete
  70. @ තාරා - ඔයාටත් මාර චොයිස්නෙ තියෙන්නෙ.

    ReplyDelete
  71. ගල් ඔය ඉස්පැසොල් සඳහා:

    -ගල් ඔය ඉස්පැසොල් ටැප් වතුරෙං සැන්ඩි කරල චොකලට් අයිසිං කේක් එක්ක . . . . .
    -ගල් ඔය ඉස්පැසොල් උනු උනුවේ දුම් දමන කොත්තුවකට හොදි වෙනුවට හලාගෙන . . . .
    -ගල් ඔය ඉස්පැසොල් ඉස්මැක් මිස්පෘට් සමග සැන්ඩිය දමා අල්ලට දමාගත් ලුනු කුඩු ස්වල්පයක් සමග . . . .

    තව තියනව ගල් ඔය ඉස්පැසොල් කොක්ටේල් . . . . දැනට මේ ඇති

    ReplyDelete
  72. @ ඕනයා- ඈ බන් අයියෙ. ගල් ඔය ඉස්පැසල් මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද. ගල් ඔය ඉස්පැසොල් බීලා වැඩි උනාම හොදි වෙනුවට කොත්තුවට හලාගන්නවා වගේ දේවල් වෙන්නත් පුලුවන් තමා.

    ReplyDelete
  73. හොදි වෙනුවට ඩෝප් මරගාතෙ කොත්තුවට ගල් ඔය ඉස්පැසොල් හලාගන්න එක නෙමේ . . . . කොත්තුවට සිරාවටම හොදි වෙනුවට දාං කන එක . . . .පොඩ්ඩක් විතර සැර සුවඳක් එනව තමයි . . . ටික වෙලාවකින් හරි යනව . . .

    ReplyDelete
  74. @ ඕනයා - මේ කොත්තු කාපුවම එහෙනම් ඩෝප් වෙනව ඇති නේද.

    ReplyDelete
  75. කෑම -
    සැමන් ටින් එකෙන් කඩපු ගමන් අරගෙන දෙහි ටිකක් මිරිකල බත් එක්ක කන එක

    පොල් ගාපුවට සීනි කළවම් කරල කන එක

    උණු පාන් පොල් උලුප්පල බැදපු මිරිස් එක්ක කන එක

    බීම -
    අරක්කු එක්ක green tea කළවම් කරල බොන එක..

    ReplyDelete
  76. @ අලුත් කොල්ලා - අලුත් කොල්ලගෙ අලුත් කෑම.

    ReplyDelete
  77. ෂෙහ්..!

    මම මේ පැත්තෙ කලින් ආවෙ නෑනෙ.... හොඳම කෑම , බීම ( බ්ලෙන්ඩ්ස් ) සහ බයිට් ටිකක් හඳුන්වා දෙන්න තිබ්බ.. දැන් ඉතින් කස්ටිය අලුත් පෝස්ට් එක මිසක් මේක බලන එකක්යෑ...

    කමක් නෑ එක ගානෙ වත් කියල යන්නම්...

    කෑම - වැල්ලෙන් මිලදී ගත් මාලු කූරියෙක් ගිනියම් වුනු වැල්ල යටින් තබා උඩින් වතුර වත් කිරීමෙන් තැම්බේ.. ලුනු සහ ගම්මිරිස් ඉස කෑමට ගන්න..

    බීම - රම් ( malibu සුදුසුය ) බෝතලයකට දුම්කොලයක් දමා පැය කීපයක් තියෙන්නට හැර දුම්කොලය ඉවත් කොට බීමට ගන්න...( විසි දෙනෙකුට පමන එක බෝතලයක් සෑහේ...)

    බයිට් - ඌරු මස් වල ඇති සම ( තෙල් සහිත ) පමනක් වෙන්කොට ගැඹුරු තෙලේ පපඩම් මෙන් බැද ගන්න... බයිට් එකට ගන්න විට විනාකිරි වල ඩිප් කරමින් ගන්න..

    ReplyDelete
  78. @අලුත් කොල්ලා ඔය කියන විදිහට අරක්කු බිලා බලන්න ඕනේ, මචන් තේ රස්නෙටද, සීතලටද, නිවලද ගන්න ඕනේ :-D

    @සපතේරු උන්නැහේ අරක්කු වලට සිගරට් අළු දැම්මා වගේ තියෙද දන්නේනැහැ නේ. මන් බීලා තියෙන ජරාම බීම වලින් එකක් තමා Malibu මන් එකේ පැනිරසට පොඩ්ඩක් වත් කැමති නැති නිසා. ඕක රෙඩ් රම් වලට කරනන් බැරිද?

    ReplyDelete
  79. @ ම

    iced tea ට්‍රයි කරන්න ඔනෙ නම් reputed pub එකකට ගිහින් long island iced tea කියන කොක්ටේල් එක බීල බලන්න...කට කනේ... කන සාක්කුවෙ..

    ReplyDelete
  80. 2 , 3 , 5 , 7 නම් මරු කෑම සෙට් එක. මම කාලත් තියන කන්න අසත් කරන විදියටම තියනවා. අනිත් එව්වා නම් මම දන්නේ නෑ ..

    ReplyDelete
  81. ඇයි
    1.ක්‍රීම් ක්‍රැකර් ඇබුල් කෙහෙල් එක්ක
    2.රට ඉදි ඇට අයින් කරලා කොට්ටම්බ මද ඇතුලට දාල
    3.සීනි බනිස් මැද්දෙන් කපල ජෑම් එක්ක
    4.ක්‍රීම් ක්‍රැකර් පොල් එක්ක
    5.ඉගුරු බිස්කට් තේ එකේ පොගවලා
    6.කුරුම්බ මදයි පැනියි
    (saji)

    ReplyDelete
  82. ආනමාලු කසේල්ගේදියි ලුණු මිරිසුයි කාල තියෙනවද ? කාල බලන්න හැබැයි කිරිබත් එක්ක.. නියමයි..

    ReplyDelete
  83. @ ම - green tea කළවම් කරනවනම් නිවුණට පස්සෙ ඛළවම් කරන්න, මාර ගති.

    ReplyDelete
  84. බත් වලටපොල්තෙල් ටිකක් දාල මරු
    තව ක්‍රීම් ක්‍රෑකරුයි සෑමනුයි

    ReplyDelete
  85. මගේ ප්‍රියතම කෑමක් තමා අර කේක් හදනකොට ගන්න බටරුයි සීනියි පිටියි දාලා හදන මික්චර් එක අමුවෙන් කන එක. මාර රහයි. හැබැයි වැඩිපුර කෑවොත් සොරිම තමා..

    ReplyDelete
  86. බටර් කේකුයි කුරැම්බා ලොදයිත් මරැ..සාදාගන්න අකාරයා :- කුරැම්බා බී අවසනවු පසු දෙකට පලන ලද කුරැම්බා පලුවකට කුඩු කල බටර් කේක් දමා හොදට අනන්න පසුව කන්න බැරිනම් වලදන්න..........

    ReplyDelete
  87. කොට්ටන් මදයි,බටරුයි, සීනියි එකට පොඩි කරල කන එකයි කිරි පිටියි සීනියි එකට මිශ්‍ර කරල හොරෙන් කන එකයි තමා අපේ පොඩි කාලෙ පිස්සුම කෑම!අපේ පොඩි අක්කට තිබ්බ අමුතුම කෑමක්, මාමයිට් තොලේ ගාගෙන ලෙවකන එක!
    චූටික්කා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...