Pages

Monday, July 18, 2011

නුඹට හොඳ නම් මට කමක් නැත..


මගෙ විතරද හිත රිදෙන්නෙ
ඔය ඇස් දෙක නුදුටුවාම

මට විතරද දුක හිතෙන්නෙ

ඔය කටහඬ නොඇසුනාම

ඔය ගල් හිත උණු කරන්න

මට බැරි බව දනිමි හොඳට

මගේ කඳුළු කුමට නුඹට

බොට හොඳ නම් මට කුමටද...

37 comments:

  1. මගෙ හිත නම් රිදෙන් නෑ - ඔය ඇස් දෙක නුදුටුවාට
    මට නම් දුක හිතෙන් නෑ - ඔය කටහඬ නොඇසුනාට
    මගෙ ගල් හිත උණු කරන්න - හැදුවත් බෑ එය කරන්ට
    උඹේ කඳුළු මට කුමට ද - මා උඹට පෙම් නොකල කලට


    එළ කවියක් ඈ... ඔන්න මම ඒකම අනිත් පැත්ත ගැහුවා.... :D

    ReplyDelete
  2. @ සෝරෝ - හෙහ්.. මට ඔහොම කිව්වොත් එහෙම මගෙන් කන්න තමා.

    ReplyDelete
  3. @ MaRLaN - එයා හරි බිසී පර්සන් කෙනෙක් වෙලානෙ.

    ReplyDelete
  4. මම පෝස්ටුවක් ‍එහෙම දාල හොයන්න කියල හැදුවෙ... කුණු කාණුවෙ බෝඩිමට ගියත් හරි අතුරුදහන් වුනානෙ...

    මොකෝ අප්සෙට් කවියක්?...

    ReplyDelete
  5. @ ගලායන ජීවිතය - සුට්ටි වලියක්. ඇයි අප්පා මට කෝල් කරන්නෙත් නෑ වැඩලු. එන්නෙත් නෑ වැඩලු. හිටපංකෝ.

    ReplyDelete
  6. @ සාතන් - ආ.. මම ගෙදර ගියානෙ නිවාඩුවක් දාලා. ඒකයි අතුරුදහන් වෙලා හිටියෙ. ගෙදර ගියාම මෙලෝ සිහියක් නෑනෙ.

    ReplyDelete
  7. කෙල්ලන් විකාරය
    එලෙසම භයන්කාරය
    අහිංසක කොල්ලන්ය
    එනිසා උන් අනාතය.. ;)

    මේ කෙල්ලො හිතන් ඉන්නෙ වැඩ‍පලේ උන් වැඩ නොකර හිටිය කියල ලොක්කො බනින්නෙ නැතුව ඉන්නව වගේම කොල්ලන්ටත් ‍බනින්නෙ නැතුව ඉන්නව කියලනෙ...

    ReplyDelete
  8. හරි හරි ඉතිං පොඩ්ඩක් ඉවසලා ඉන්න... එයි එයි... නැත්තං අඩුම ගානේ කෝල් එකක්වත් දෙයි....

    ReplyDelete
  9. හැක් හැක්....
    ඉලව් ලව්

    ReplyDelete
  10. කවිය නම් ලස්සනයි අක්කා. ඒත් තමන් ආදරේ කරන කෙනාට ඔය වගේ කතා කරන එක නම් හරි නෑ.

    ReplyDelete
  11. අන්න හරි. එයාට හොද නම් මට මොකෝ කියලා තමයි ඉන්න ඕනේ.
    ඇත්තටම මොකෝ පිණිබිඳු මේ ?
    කවිය ලස්සනයි.

    ReplyDelete
  12. "බොට හොඳ නම් මට කුමටද..."

    අපෝ ඕව බයිල! අපි නොදන්න මොණරතැන්න..

    ReplyDelete
  13. නෙතට නෙතින් මිමිණුව මුත් අඳුරේ හිඳ
    මියුරු හඬින් පෙම් කවි කල නමුත් මම
    ගලහිත නෙවෙයි නුවණින් සිතමින්ම අද
    සමුදෙමි ඉතින් නුඹේ මතකය කඳුළු කර

    ReplyDelete
  14. මාත් මේ දිවා රෑ හිතන ප්‍රශ්නයක් මේක.
    මගෙ විතරද හිත රිදෙන්නේ කියලා.

    ReplyDelete
  15. @ සාතන් - ඔන්න ඉතින් පටන් ගත්තා කෙල්ලො සංහතියම පට්ට ගහන්න. බොල සාතො මම කිව්වෙ එහෙම තේරුම් නොගැනීමක් නෙමෙයි. ඒ උනාට ඉතින් අප්පා හිත සුට්ටක් රිදෙනවනේ ආවෙ නැති උනාම.

    ReplyDelete
  16. @ prasanna86k - දුන්නා දුන්නා. දැන් සේප්...

    ReplyDelete
  17. @ රත්ගමයා - ඉලව් ලව්. අනේ පල පල. අර මූණු පොතේ අඬා වැටෙනවා අයිම් ඉන් අ රිලේෂන්ෂිප් කිය කිය. දැන් මෙතන බොරු සෝබනේ දානවා. අපි නොදන්න රත්තා.

    ReplyDelete
  18. @ Kasun - එයා දන්නවා ඉතින් ඔහොම කිව්වට මම තරහ නෑ කියලා.

    ReplyDelete
  19. @ මධුරංග - ඇති යන්තම් මේ පැත්තට කවුරු හරි කතා කරා. දැන් දණහිස හොඳද?

    ReplyDelete
  20. @ ඉන්දික උපශාන්ත - ඔව් ඔව් ඔය පිරිමි වගේ නෙමෙයි අපිට ඉතින් තරහ වෙලා ඉන්න බෑ පව් කියලා හිතෙනවා. හහ්. ඒකට මුන්ගෙ ගණන්.

    ReplyDelete
  21. @ Roshan Hewavitharana - බුදු අම්මේ.. සමුදීලා යන කතාවක් නෙමෙයි. කොහෙ යන්ටද අප්පා හදාගත්තු පැල දාලා

    ReplyDelete
  22. @ Gimhani - දාන්න පහක්. කොල්ලොන්ට ඕක තේරෙන්නෙ නැති හැටි.

    ReplyDelete
  23. අපි ඉතින් කවදත් පිණිබිඳුවගේ පැත්තේ නේ.
    මම් යක්කල ආයුර්වේදේ ගියා. බේත් ගත්තා. දැන් කෂාය බොනෝ !!!
    ටිකක් අඩුයි. ඒත් බේත් දිගටම කරන්න ඕනේ. :(

    ReplyDelete
  24. පවු අහිංසකය . . . .
    මෑන්ස්ටත් මගෙ ජොබ වගේ ජොබක් සෙට් කරගත්තනං ගොඩේ ගොඩ . . . . මම උදේ අටට ෆැක්ටරියට ආවම ආයෙ එලියට බහිනකං සිග්නල් නෑ . . . . හැමදාම වගේ වැඩ ඉවරවෙන්නෙ රෑ අට පහුවෙලා . . . . .

    ReplyDelete
  25. @ මධුරංග - හොඳ තැනකින් බෙහෙත් ගන්න. අපෝ ඔය දනිස්ස පැනිල්ල නම් එපා වෙනවා නේද?

    ReplyDelete
  26. @ ඕනයා - අහිංසකයා? අනේ මගෙ කට. සිග්නල් තිබුණා කියලා වෙනසක් නෑ. ෆෝන් එක මතක් වෙන්න එපැයි කෝල් කරන්න. රෑ අටට වත් වැඩ ඉවර වෙනව නම් බැරියැ.

    ReplyDelete
  27. අනේ මටනම් ඕවා තේරෙන්නේ නෑ :D

    ReplyDelete
  28. කාර්ය බහුල ඇති . . . . කැපවීමෙන් රස්සාව කරන කොල්ලෙකුට ෆෝන් එක අමතක වෙනවයි කියන්නෙ හරිම සාමාන්්‍ය දෙයක් . . . . .

    ReplyDelete
  29. අක්කා ගෝරියක් දාගෙන වාගේ !

    ReplyDelete
  30. @ පූසා - අනා... පව්... සූටි පූසා....

    ReplyDelete
  31. @ ඕනයා - දීකිරට බළල්ලුත් සාක්ෂි ලු...

    ReplyDelete
  32. @ හිස් අහස - ගෝරි දාගෙන ශේප් වෙලත් ඉවරයි ඔයා එද්දි.

    ReplyDelete
  33. කවියනම් හොඳා ඒත් මොකෑ මේ ?

    ReplyDelete
  34. ඒයි පිණිබිඳු පව් අනේ අයියා. හුඟක් අය වැඩට ගියාම ඔහොම තමයි....ඉවසා දරාගෙන ඉන්න....

    ReplyDelete
  35. "තුටු දේ පා කරවන මට නොවන උ    පා
    දුට කෝපා වඩවන තොප අපට එ      පා
    තො පටඑපා නම් එක් වාරයක් අ       පා
    අපට එපා පන්සිය වාරයක් තො        පා"
    කියල හිත හදාගන්න...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...