Pages

Wednesday, July 27, 2011

මෙහෙන්දි උන්මාදය


මෙහෙන්දි.. මාව පිස්සු වට්ටපු කලාවක්.

මෙහෙන්දි මෝස්තරයේ තියෙන සියුම් බව එහි කලාත්මක භාවය වැඩි කරනවා. Extremely creative art.

මෙහෙන්දි ගැන මතකය අලුත් උනා අපේ ප්‍රසන්න මලයගෙ මේ ලිපිය හින්දා. අනිත් එක ගිය සති අන්තෙ මටත් කාලෙකින් ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා.

මෙහෙන්දි කියන්නෙ තාවකාලිකව සමට කරන සැරසිල්ලක්. (Temporary form of skin decoration). මේකට ඉතින් ඕනෙම නම් තාවකාලික පච්චයක් කියල කියන්නත් පුලුවන්.

අපි කවුරුත් දන්න මරතොණ්ඩි වලට දෙහි යුෂ සහ ඉයුකැලිප්ටස් තෙල් එකතු කිරීමෙන් මෙහෙන්දි පේස්ට් එක හදා ගන්න පුලුවන්.

ඉන්දියාගෙ හුඟක් ජන කොට්ටාශ අතර මේ කලාව ප්‍රචලිත උනත් ලංකාවෙ නම් මෙහෙන්දි කලාවට දක්ෂ මුස්ලිම් අය. එක අතක මෙහෙන්දි මෝස්තරයක් දාන්න එයාලට යන්නෙ විනාඩියකටත් අඩු කාලයක්. බ්ලොක් එකක් හරි බලාගෙන අඳින්න පින්තූරයක් වත් නැතුව අතේ හුරුවෙන් පටස් ගාලා මෝස්තරේ අඳින හැටි බලාගෙන ඉන්න ආසයි. ඒ තරම් ඉක්මනට එහෙම සියුම් මෝස්තරයක් අඳිනවද කියන එකත් පුදුමයක්.

මෙහෙන්දි මෝස්තරය අඳින්න පාවිච්චි කරන්නෙ කෝන් එකක්. මෝස්තරය ඇඳලා පැයකින් විතර ඒක වේලෙනවා. එතකොට ගලවන්න පුලුවන්. කුඩු ටික අයින් කරපු ගමන් ලා තැඹිලි පාටට පේන්නෙ. ඒත් පුරා රැයක් වගේ ගියාම ඔක්සිජනීකරණය නිසා මෝස්තරය තද රතු දුඹුරු පාටට හැරෙනවා.

සාමාන්‍යයෙන් මෙහෙන්දි මෝස්තරයක් සතියක් දෙකක් තියෙනවා. ඒක තීරණය වෙන්නෙ මෙහෙන්දි පේස්ට් එකේ තත්වය අනුව. ඒත් ටික කාලයක් තියාගන්න ඕනෙ නම් මෙහෙන්දි මෝස්තරය අතේ අඳින්න කලින් දෙහි යුෂ ටිකක් ගාලා තියන්න. ඒවගේම මෝස්තරය වේලුණාට පස්සෙ කුඩු අයින් කරාමත් දෙහි යුෂ ටිකක් ගාන්න. පොල්තෙල් ගාපුවාමත් වැඩි කාලයක් තියෙනවලු.


මම කලින් කිව්ව වගේ ඔන්න ගිය සති අන්තෙ මට මෙහෙන්දි ආට් එකක් ඇඳගන්න අවස්ථාවක් හම්බුණා. BMICH එකේ වෙඩින් ෂෝ එකට ගිය වෙලාවෙ. ඕක ඇඳගන්නකල් සිහියක් තිබ්බෙ නෑ. අනිත් එක මෙහෙන්දි එකෙන් එන සුවඳ. මම නම් මාර ආසයි අප්පා.

මෙහෙන්දි ඇන්ද ගමන් ඒ අත පැයක් විතර වේලෙන්න දෙන්න ඕනෙ. අත නවලා දිග අරින්න ගියොත් වෙන වෙන මෝස්තර හැදිලා තියෙයි නැත්තන්. ඒ නිසා තමාගේ බඩු බාහිරාදිය අරන් යන්න වෙන කෙනෙකුත් ඕනෙ. හික්ස්.

මොනා උනත් කාලෙකින් හිතේ තිබුණු ආශාවක් ඉෂ්ඨ කරගත්තා.

ඉතින් මගේ හැමදේකටම චුරු චුරු ගගා හරි තනියට එන, මළ වාතෙ කියල බැන බැන හරි හැමදේම කරල දෙන 'ඔයාට' තැන්කූ ඈ...

60 comments:

  1. මගේ එහා පැත්තේ ඉන්න එක්කනත් මෙහෙන්දි වලට පිස්සු වැටිලා ඉන්නේ ;) ;)..ඇදගන්න තැනක් නැතිවනේ ඉන්නේ..අක්කා දන්න තැනක්වත් නැද්ද අප්පා ඕවා ඇදගන්න.. :)

    ReplyDelete
    Replies
    1. මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
      හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
      මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
      -මල්ෂි සහ අනුෂ්කා-
      https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl

      Delete
  2. අහ් මමත් ගොඩක් ආසයි.මෙහෙන්දි වල ලස්සන රටා ගොඩක් තියනව.අපි මුල්ම හොස්ටල් ඉද්දි එකම එක මුස්ලිම් ලමයෙක් අපිත් එක්ක හිටිය.එයා ලස්සනට මෙහෙන්දි අදිනව,ඒ දවස් වල පෝලිම සෑහෙන්න එයාගෙන් මෙහෙන්දි ඇදගන්න.වෙන හොස්ටල් වල ලමයිනුත් ඇවිත් ඇදන් යනව.ගොඩක් ගෑණු ලමයි මෙහෙන්දි වලට ආසයි මම් හිතන්නෙ.කාලයක් තිබ්බ මෙහෙන්දි උන්මාදයක්!ලගදිනම් අදින්න වුනේ නෑ මෙහෙන්දි,:(

    ReplyDelete
  3. ම්ම්....මමත් ඔයා වගේම ආසයි...හෝම් කමින් එකට ඉන්ඩියන් ඇදලා(චෝලී)..මෙහෙන්දි.. දැම්මම කොහොමද...නේ...? ඕක මගේ හීනයක් අනේ.. ඉන්දියා වලනන් ඕක ඇදෙන විදියෙනුත් අනාවැකි කියනවා..ඔයාගේ අත් දෙකේ ගාපු මෙහෙන්දි තදට ගොඩක් කල් තියෙන්න පතනවා..

    ReplyDelete
  4. ආපෝ අක්කෙ එයැයි ඔයාට ආදරේට කියන්නෙ "මල වාතෙ" කියලද? ලොල්ය!!!

    ReplyDelete
  5. හ්ම්.....දැක්ක දැක්ක ගිහින් තියෙන බව නම්. :))
    මාත් හරි ආසා වැඩක් ඒත් තාම ඇදගන්න නම් අවස්තාවක් ඇවිත් නෑ. අපේ ගෙදරට අල්ලපු ගෙදරත් මුස්ලිම් ගෙදරක්. ඒත් එයාලා මෝස්තර අඳින්න දන්නේ නෑ. :(

    ReplyDelete
  6. ඉන්දියාවේ අයගෙ විස්වාසයක් තියෙනවලු මනමාලිගෙ අතේ ගාපු මෙහෙන්දි වල පාට තද වෙන තරමට විවාහය සාර්ථකයි හරි, හස්බන්ඩ් ට තියෙන ආදරේ වැඩියි හරි වගේ මොකද්ද එකක්. මම අඳුරන සුදු ගෑනු ළමයෙක් එයාගෙ යාලුවෙක් ගේ වෙඩින් එකට ඉන්දියාවට ගිහින්. යාලුව මෙහෙ හැදුනු ඉන්දියන් කෙල්ලෙක්. කෙල්ලගේ අතේ ගාපු මෙහෙන්දි මොනවා කලත් තද පාටක් ගත්තෙ නෑලු . පව් වැඩේ. ඒ කෙල්ල මුළු වෙඩින් සතිය පුරාම අම්බානක අවුලෙන් ලු හිටියෙ නැන්දම්මගෙන් මොනව අහගන්න වෙයි ද කියල.

    ReplyDelete
  7. හික් හික්!! අපිටනං ඔය මෙහෙන්දි ගැන කිසිම ආසාවක් නැත.

    ReplyDelete
  8. මාලුව තමයි වග කියන්න ඕන... පව් අර අසරණ සජිත් ගොයිය...

    ReplyDelete
  9. @ ChammA - මම නම් ඔය වෙඩින් ෂෝ වලට ගියොත් තමා ඇඳගන්නෙ. හැබැයි ඒවා අඳින අයගෙ ශොප් එකක් තියෙනවා බම්බලපිටියෙ.

    ReplyDelete
  10. අසරන අයියාට පවුය....

    ReplyDelete
  11. @ නදී - මගෙත් මුස්ලිම් යාලුවෙක් හිටියා මෙහෙන්දි අඳින. ඒ අයට මාර හැකියාවක් නේද තියෙන්නෙ.

    ReplyDelete
  12. @ අසනි - කට්ටියටම මෙහෙන්දි උන්මාදය නේ බලාගෙන යද්දි.

    ReplyDelete
  13. @ ආගන්තුකයා - ඔව් අප්පා. නිකන් නෙමෙයි. කියන්නෙ අපෝ තමුසෙ නම් මල වාතයක් ඕයි කියලා.

    ReplyDelete
  14. @ Nisupa - ආයෙ කොහෙහරි තිබ්බොත් මම ඔයාට කියන්නම්කො එහෙනම් හොඳේ.

    ReplyDelete
  15. @ මුහුදු කොල්ලකාරයා - ආ මාත් ඒ කතාව නම් අහල තියෙනවා. ඕකෙ පාට තීරණය වෙන්නෙ මෙහෙන්දි පේස්ට් එකේ කොලිටි එක මතලු. අලුත් එකක් නම් පාට රැදෙනවා වැඩිලු.

    ReplyDelete
  16. @ blog gadol - අපොයි එහෙනම් යාලු වෙන කෙල්ල පව්. ඒ කෙල්ල වෙනුවෙන්වත් ඕකට කැමති වෙනවකො.

    ReplyDelete
  17. @ සාතන් - එයා නම් පව් තමා අප්පා.

    ReplyDelete
  18. මමත් හරිම ආසා දෙයක් තමයි මෙහෙන්දි කලාව කියන්නේ, මාත් හිටපු ගමන් ඔය මෙහෙන්දි කෝන් එකක් අරගෙන ඇවිත් තනියමම ගාගන්නවා.. හී හී... මුස්ලිම් යාළුවෙක් අහු වුන දවසට ඉතින් එයාට කියලා මෙහෙන්දි රටාවක් අන්දවගන්න එක අනිවාර්යයි.,

    ReplyDelete
  19. තව ටිකක් වැඩිපුර වියදම් කරල පච්චයක්ම කොටාගත්ත නං ඉවරයි නොවැ . . . .

    ReplyDelete
  20. කොහොම හරි අක්කා මෙහෙන්දි පාරක් ඈඳගත්තනේ. ඔයා ෆොටෝ කෑල්ලක් ගත්තේ නැද්ද ඉතිං?

    ReplyDelete
  21. උන්මාදයක් නැතත්... කලාවක් වශයෙන් ප්‍රිය කරනවා..

    ReplyDelete
  22. ඔයා දාපු පින්තූරේ දැක්කම මට මතක් වුනේ මෙන්න මේ වීඩියෝ එක..

    http://goo.gl/iIkh6

    එක පාරට කලන්තේ හැදෙන අය බලන්නෙපා.... :D

    ReplyDelete
  23. අපේ නංගිත් ඕවට හරි ආසයි. එයානම් හිටි ගමන් තනියමත් ඕවා අතේ ඇඳ ගන්නවා. එයත් දන්නවා ඕවා එක එක විච්චූරණ දාලා අඳින්න....

    ReplyDelete
  24. අර පේන අත්දෙක පිණිබිදුවාගේද ??? හරි චෝයි.....
    ඔය මෙහෙන්දි කිව්වම තමයි මතක් උනේ. මම් යාලුවෙලා හිටපු කෙල්ලත් මාත් එක්ක කැළණි කැම්පස් එකේ ප්‍රදර්ශනයකට ගිහින් රුපියල් 150කටද මන්දා මෙහෙන්දි ගාගත්තා.

    ගාලා මට පෙන්නුවාම මම් එකපාරටම ගාන කීයද කියලා ඇහුවා. රු 150ක් කිව්වම "අපරාදේ බඩට මොනාහරි කෑවනම් ඉවරයි !!!!" කියලා කියවුනා. කෙල්ලගේ මූන හතරැස් උනා :)

    ReplyDelete
  25. අයියට ගානට බටර් පාර ගාලා හදාගෙන වගේ නේද ඉන්නේ අක්කේ?අපි කැමති අයියගේ ප්‍රතිචාර දැනගන්න.....:D

    ReplyDelete
  26. මමත් හරි ආසයි ඔය වැඩේට... අපිත් කෝන් එකක් අරන් ඇවිත් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එකක ඩිසයින් බලාගෙන අඳිනවා... පිනිබිඳු අක්කත් හොඳ අදහසක් දුන්නෙ... ආයෙමත් වැඩේ පටන් ගන්න ඕනෙ... හි හි..

    ReplyDelete
  27. මාත් ඇන්දා 10දි. ඒ නම් ඉතින් ආසාවට නොම්බි ඉවර උනාම මුස්ලිම් යාළුවා ගාද්දි මටත් ගෑවා. මගේ නම් ගොඩක් කල් තිබ්බා. නොතිවේවියැ. හොඳට පරිස්සම් කලා ගාපු දවසේ වේලෙන්ට නොදී. හැබැයි ඔය කෝන් වල තියන ඒවට වඩා මරතොන්ඩි ගස් වලින්ම හදලා ගන්න ඒවා ගොඩක් කල් තියනවා.

    ReplyDelete
  28. ඕව ගාන්නෙ අතේ කැත මැකෙන්න!

    ReplyDelete
  29. පිස්සු නැත්තං ෂෝක්...අර ඕනය කිව්වත් වගේ පච්චයක් කොටා ගත්තනං ඔයිට වඩා හොඳයිනේ..

    ReplyDelete
  30. සිරාවට අක්කේ පච්චයක් කොටාගත්තානම් අහවරයි ඕනයා හරි ..

    ReplyDelete
  31. අපෙත් ඔෆීස් එකේ හිටියා ඔය මෙහෙන්දි උණ තියන කෙල්ලො දෙතුන් දෙනෙක් ........

    නරකම නැහැ වැඩේ, ඒත් මගේ වයිෆ් නම් කවදාවත් අහලා නැහැ ඔය ගැන .........

    ReplyDelete
  32. ලස්සන කලාවක් නේද..මම හිතන්නෙ මේවා කරන්නෙ ඇස්වහ දෝස දුරුවෙන්න කියල..ඇයි මූණට වඩා අත් දිහා නේ බැලෙන්නෙ..

    ReplyDelete
  33. දැන් ඔය අතදිගට ගාල...වයසට ගියාම සුදු වෙච්ච කොන්ඩේ ගන්නත් හොදයි කියල මම අහල තියෙනවා...

    ReplyDelete
  34. @ MaRLaN - අපෝ ඒකට කමක් නෑ. මම ඔය ඕනෙ තරම් එයා හන්දා කටු කාලා තියෙනවා.

    ReplyDelete
  35. @ ප්‍රාර්ථනා - කෙල්ලො කැමතිම කැමති කොල්ලො අකමැතිම අකමැති කලාව මෙහෙන්දිද කොහෙද.

    ReplyDelete
  36. @ ඕනයා - අපෝ ඕනෙ නෑ. මේක නම් සතියකින් දෙකකින් මැකිල යයි. අපෝ පච්චයක් මකන්න හිතුනාම සේසතම වැය කරන්න වෙයි.

    ReplyDelete
  37. @ prasanna86k - ඕක ඉතින් ඇඳගත්තු වෙලාවෙ ඉඳන් කරේ එහෙට මෙහෙට හරව හරව ෆොටෝ ගත්තු එක තමා.

    ReplyDelete
  38. @ sansarasidu - ඒ සියුම් කලාව කරන්න නම් අනිවාර්යයෙන්ම අතේ හුරුව තියෙන්න ඕනෙ.

    ReplyDelete
  39. @ පූසා - නංගිට කියලා මෙහෙන්දි රටාවක් දාගත්ත නම් මෙහෙන්දි පූසෙක් වෙන්න තිබ්බා.

    ReplyDelete
  40. @ මධුරංග - බලනවකො ඉතින් කරපු වැඩේ. පව් ඒ කෙල්ල. කෑම නම් කවද කන්න බැරිද.

    ReplyDelete
  41. @ මකුළුවා..... - අනෙ අම්මෝ අයියගෙ ප්‍රතිචාරෙ මෙතන නති තරමට හොඳා.

    ReplyDelete
  42. @ තාරා - ආ අයෙත් පටන් ගන්නකො වැඩේ එහෙනම්. ආස හිතෙනවා.

    ReplyDelete
  43. @ හා පැටික්කි (MS) - රෙදි හෝදනකොට සබන් වලට තමා ඕක වැඩිපුරම මැකෙන්නෙ. එහෙම කියලා රෙදි නොහෝදා ඉන්නයැ.

    ReplyDelete
  44. @ ඉන්දික උපශාන්ත - යන්ඩ අයියා. ඕවා ඉරිසියාවට කියන කතා.

    ReplyDelete
  45. @ මාරයාගේ හෝරාව - මාරයියේ අර රුසියාවටත් වඩා ලොකු එක මොකද්ද. අන්න ඒක.

    ReplyDelete
  46. @ හිස් අහස - පච්ච නම් මොනාද මලේ. වරෙන්කො අනිත් අතේ මෙහෙන්දියක් ඇඳල දෙන්ඩ.

    ReplyDelete
  47. @ පන්සල් හංදිය - වයිෆ්ව එක්ක යන්නකො දවසක ඇඳගන්න. බලන්නකො අකමැති වෙයිද කියලා.

    ReplyDelete
  48. @ ප්‍රසංග - හික්ස්. ඒක දැනගත්තෙ දැන්නෙ.

    ReplyDelete
  49. @ රතු මුහුද - ඔව් ඔව්. ඔය හෙනා කියන්නෙත් මරතොණ්ඩි වලින් හදන එකක් තමයි මම හිතන්නෙ.

    ReplyDelete
  50. මමත් ලංකාවට ගිය වෙලාවක අතේ මෙහෙන්දි මෝස්තරයක් අන්ඳගත්තා. ආපහු ගෙදර ඇවිත් වැඩට ගිය මුල් දවසෙම සුදු ජාතික යෙහෙලියක් අත අල්ලගෙන සමට මොකද වෙලා තියෙන්නේ කියලා කම්පා උනා. දොස්තර කෙනෙක් ගාවට යන්ටත් උපදෙස් ලැබුනා.

    එදායින් පස්සේ මෙහෙන්දි මෝස්තරයක් දිහා අදවෙනකල් ඇහැක් ඇරලා බලලා නෑ.

    ReplyDelete
  51. අලේ මරු පිණිබිදු අක්කේ..මටත් නම් ආසයි...මමත් කවදාහරි ඇඳ ගන්න ඕනේ..ඔයාගේ එක මාසයක්ම තිබේවා...

    ReplyDelete
  52. @ Podi Kumarihami - අයියෝ ඔයා පැහැදිලි කරලා දෙන්න එපැයි මේ හමේ ලෙඩක් නෙමෙයි ආට් එකක් කියලා. හික්ස්.

    ReplyDelete
  53. @ නිම්ශා - අනේ නංගො මේ පාර මෙහෙන්දි එක නම් ඉක්මනට මැකෙයි වගේ. යන්තම් සතියයි ගියේ. දැම්මම මැකෙන්න අරන්.

    ReplyDelete
  54. "මරතෝන්ඩිය රටා ඇදී අතේ කැකුළු හිතේ - මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතී..."

    ReplyDelete
  55. මම කිව්වොත් සජිත් පව් කියලා... මෙයා මාත් එක්ක රණ්ඩුවට එයිද?..... ඔන්න ඔහෙ කමක් නෑ... ඇත්ත කියලා පැත්තක් ගියත් මොකෝ...
    සජිත් පව්! :)

    ReplyDelete
  56. https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl
    මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
    හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
    මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
    -මල්ෂි සහ අනුෂ්කා-

    ReplyDelete
  57. මේ page එකේ තියෙන්නේ අපිම ඇඳපු මෙහෙන්දි designs...
    හැබැයි අපි මුස්ලිම් අය නම් නෙමෙයි. අපි සිංහල....
    මෙහෙන්දි වලට කැමති අය එන්න අපිත් එක්ක එකතු වෙන්න...
    -මල්ෂි සහ අනුෂ්කා-
    https://www.facebook.com/pages/M%C3%A4lsh%C3%AF-M%C3%ABh%C3%ABnd%C3%AF-%C3%84rts/1539943892929314?ref=hl

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...